AFC Banner
Empty Ad
Empty Ad

සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වෑන් හොලන් සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවන ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වෑන් හොලන් මහතා (Chrish Van Hollen) ඇතුළු නියෝජිතයන් පිරිසක් අද නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවී තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ එම අවස්ථාව සඳහා ශ්‍රි ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් (Juli Chung ) මහත්මිය ද සහභාගී වූ බවයි.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණිනුයි සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් වෑන් හොලන් මහතා මෙරට සංචාරයේ නිරත වන්නේ.

නාවික හමුදාපති විසින් ක්‍රිස් වෑන් හොලන් ඇතුළු නියෝජිතයන් පිරිස ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව වෙත පිළිගැනීමෙන් අනතුරුව, ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සුහද පිළිසඳරක් පැවැත්වුණා.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?