AFC Banner
Empty Ad
Empty Ad

සෙට්ටිකුලම කඩයක් තුළ සිටි අඹුසැමි යුවළ නැසූ ඝාතකයා අල්ලයි

පසුගිය නොවැම්බර් 30 වනදා වව්නියාව, සෙට්ටිකුලම පොලිස් වසමේ වෙළඳසැලක් තුළ දී අඹුසැමි යුවළක් කපා කොටා ඝාතනය කර රුපියල් 10000ක මුදලක් සහ රන් මාලයක කොටසක් කොල්ල කෑ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සෙට්ටිකුමල පොලීසිය විසින් මෙම සිද්ධියේ සැකකරුවෙක් ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

කිලිනොච්චිය, උරිත්තිරපුරම ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 19 හැවිරිදි වියේ පසුවන අයෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ අපරාධය දී ඇඳ සිටි ඇඳුම් සහ කොල්ල කෑ රන්මාල කොටස බෑගයක දමා ළිඳක ගිල්වා තිබිය දී සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සෙට්ටිකුලම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
4
+1
3
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?