සූර් වූ අයෙක් කොස්තාපල්ට හිස් මත්පැන් බෝතලයකින් පහර දීලා

හොරණ ප්‍රදේශයේ පිහිටි තානායමක් තුළ ඊයේ (18) රාත්‍රියේ දී පුද්ගලයෙකු විසින් පොලිස් නිලධාරියෙකුට හිස් මත්පැන් බෝතලයක් කඩා සිදු කළ ඇනීමකින් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සිදුවීම ඊයේ රාත්‍රී 8.30ට පමණ සිදු වී ඇති බවයි.

මෙලෙස පහරකෑමට ලක් ව ඇත්තේ මොරගහහේන පොලිසියට අනුයුක්ත ව රාජකාරියේ නියුතු වූ පොලිස් කොස්තාපල්වරයෙක්.

එම පොලිස් කොස්තාපල්වරයා සිය රාජකාරී කටයුතු අවසන් වී නිවසට ගොස් යළිත් රාත්‍රියේ දී මෙම තානායම වෙත පැමිණ තිබෙනවා.

එහිදී එම නිලධාරියා මත්පැන් ස්වල්පයක් පානය කරමින් සිටින අතරතුර දී එහි පැමිණ සිටි පුද්ගලයෙකු බීමත් ව දෙදෙනා අතර බහින්බස් වීමක් සිදු ව ඇති බවයි හෙළි ව ඇත්තේ.

ඉන් අනතුරුව පොලිස් කොස්තාපල්වරයා නිවසට ඒමට තානායමෙන් පිටතට බැස සිය යතුරුපැදියට නැගීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ දී සැකකාර පුද්ගලයා විසින් මත්පැන් බෝතලයක් බිඳ එහි කැබලිවලින් පොලිස් නිලධාරියාට පහර දී ඇති බවයි පැවසෙන්නේ.

පහරකෑමෙන් පොලිස් නිලධාරියාගේ මුහුණ, හිස සහ එක් අතකට තුවාල සිදු වී තිබෙනවා.

සැකකරුව පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ අතර ඔහු ද එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.

හෙතෙම අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?