AFC Banner
AFC Banner
Empty Ad

සූර් වූ අයෙක් කොස්තාපල්ට හිස් මත්පැන් බෝතලයකින් පහර දීලා

හොරණ ප්‍රදේශයේ පිහිටි තානායමක් තුළ ඊයේ (18) රාත්‍රියේ දී පුද්ගලයෙකු විසින් පොලිස් නිලධාරියෙකුට හිස් මත්පැන් බෝතලයක් කඩා සිදු කළ ඇනීමකින් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සිදුවීම ඊයේ රාත්‍රී 8.30ට පමණ සිදු වී ඇති බවයි.

මෙලෙස පහරකෑමට ලක් ව ඇත්තේ මොරගහහේන පොලිසියට අනුයුක්ත ව රාජකාරියේ නියුතු වූ පොලිස් කොස්තාපල්වරයෙක්.

එම පොලිස් කොස්තාපල්වරයා සිය රාජකාරී කටයුතු අවසන් වී නිවසට ගොස් යළිත් රාත්‍රියේ දී මෙම තානායම වෙත පැමිණ තිබෙනවා.

එහිදී එම නිලධාරියා මත්පැන් ස්වල්පයක් පානය කරමින් සිටින අතරතුර දී එහි පැමිණ සිටි පුද්ගලයෙකු බීමත් ව දෙදෙනා අතර බහින්බස් වීමක් සිදු ව ඇති බවයි හෙළි ව ඇත්තේ.

ඉන් අනතුරුව පොලිස් කොස්තාපල්වරයා නිවසට ඒමට තානායමෙන් පිටතට බැස සිය යතුරුපැදියට නැගීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ දී සැකකාර පුද්ගලයා විසින් මත්පැන් බෝතලයක් බිඳ එහි කැබලිවලින් පොලිස් නිලධාරියාට පහර දී ඇති බවයි පැවසෙන්නේ.

පහරකෑමෙන් පොලිස් නිලධාරියාගේ මුහුණ, හිස සහ එක් අතකට තුවාල සිදු වී තිබෙනවා.

සැකකරුව පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ අතර ඔහු ද එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.

හෙතෙම අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?