AFC Banner
AFC Banner
Empty Ad

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ඇප නැතුව ණය ගන්න ක්‍රමයක් (වීඩියෝ)

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා ඇප රහිත ණය ක්‍රමයක් හඳුනවදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසනවා.

අද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති Made in Sri Lanka ලාංඡන ප්‍රදානෝත්සවයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඒ, සඳහා අදාළ සාකච්ඡා සාර්ථකව සිදුවෙමින් පවතින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.

බැංකුවලින් ලබාගත් ණය හේතුවෙන් කඩා වැටුණු ඇතැම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්, කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට රාජ්‍ය බැංකුවලින් නියමිත සහනයක් ලබාදීමට බලාපොරොත්තුවන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?