සුළු සුළු අතපසුවීම් නිසා ජයග්‍රහණය ගිලිහුනා – දසුන්

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරවටය තියුණු පරාජයකින් ආරම්භ කරන්නට ශ්‍රී ලංකාවට ඊයේ (20) සිදුවුණා.

බංග්ලාදේශය අතර පැවති මෙම තරගය ශ්‍රී ලංකාව පරාජයට පත් වුණේ කඩුලු හතරකින්.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 07ක් දැවී ලකුණු 168ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී පිතිකරණයේ උසස්වීමක් ලබා පන්දුවට පහරදීමට පැමිණි දසුන් ශානක පන්දු 37ක් තුළ ලකුණු 64ක් රැස්කරගනිමින් ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමේ ප්‍රධාන නිමැයුම්කරුවා බවට පත් වුණා.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 169ක ඉලක්කය තරගය අවසන්වීමට එක් පන්දුවක් ඉතිරිව තිබිය දී පසුකර යන්නට බංග්ලාදේශ පිතිකරුවන්ට හැකියාව ලැබුණා.

ඒ, වන විට ඔවුන්ගේ ඉනිමේ බිඳවැටී තිබූ කඩුලු සංඛ්‍යාව හයක්.

මෙම තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේ දී දසනු ශානක සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් සිදු වූ සුළු සුළු අතපසුවීම් හේතුවෙන් මෙම තරයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගිය බවයි.

මෙම තරගය පරාජයට පත් වුණත් ඉතා හොඳ තරගයක් ක්‍රීඩා කළ බව සඳහන් කළ දසුන්, පාකිස්ථානය සහ ඉන්දියාව සමඟ තරග දෙක හොඳ දළ ලකුණු ලබාගැනීමේ වේගයක ද සමඟ ජයගැනීමට හැකියාව අවස්ථාව ලැබුනොත් අවසන් මහා තරගයට පිවිසීමේ හැකියාව පවතින බවයි පැවසුවේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සෑම අවස්ථාවකම ධනාත්මක මානසික මට්ටමක සිටින බව පැවසූ දසුන්, ශ්‍රී ලංකා කණ්ඩායම ඕනෑම අවස්ථාවක පෙරළියක් සිදුකළ හැකි කණ්ඩායමක් බවයි සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
2
+1
23
+1
1
+1
3
+1
3
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාටවත් බෑ මේකට අත තියන්න - දිලිප් සැරටම අමතයි
06:59
Video thumbnail
මහවැලියේ එක බිම් අඟලක්වත් අපිට ඕනේ නෑ
05:42
Video thumbnail
ධීවරයින්ගේ සත්‍යග්‍රහයට දිලිප් වෙදආරච්චිත් ඉඳගනී
01:35
Video thumbnail
ජනතාව ඉක්මණින් මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනවා
03:44
Video thumbnail
වෙඩික්කරුගෙන් නූලෙන් බේරුණු සජබ අපේක්ෂකයා
03:18
Video thumbnail
නාමල්ව CIDයට එන්න කිව්වේ නාඩි බලන්න නෙමෙයි
06:49
Video thumbnail
නිල ඇඳුමත් ඇඳගෙන පාසල් ගිය ගම්මන්පිල, දොළවත්ත ඇතුළු සෙට් එක..අත් දෙකත් බැඳගෙන දාන හිනාව
02:37
Video thumbnail
ගඳ ග#න කාණු වෙනුවට, උද්‍යානයක හැදෙන මල් මෙන් මිනිස්සුන්ට ජීවිතය දෙන්න වෙර දරනවා
03:36
Video thumbnail
සංචාරක හෝටල්වල කැළි කසල නිසා භික්ෂූන් වහන්සේලා කුපිත වෙයි..ගඳේ බෑ - පාරක බැහලා යන්න බෑ
05:41
Video thumbnail
"අයියෝ මේ ගින්දර කාටද දෙන්නේ..අනේ මගේ දෝණී"ගමක් හඬවා අම්මයි දුවයි විදුලි සැ#න් අවසන් ගමන් ගිහින්..
06:33


?