සුළු වේලාවකට අගුල් හැරි රටේ ජනතාව බඩු ගන්න කිලෝ මීටර් ගණන් දිග පෝළිම් වල

දිවයිනට හදිසියේම පැනවූ ඇඳිරි නීතිය හමුවේ බොහෝ ජනතාව අසරණ වූ බව නොරහසක්.අද දිනයේ කෙටි කාලයකට ඇඳිරි නීතිය ඉවත් කළ නිසා බොහෝ ජනතාවක් තමා ආසන්නයේ වූ නගරයට ගොස් තිබෙන ආකාරයට අපට නිරීක්ශනය වුණා.

ඒ නිසාම බොහොමයක් වෙළෙඳසැල් වල දිගු පෝලිම් දක්නට ලැබුණු අතර එළවලු වෙළෙඳසැල් වල නැවුල් එළවලු සහ පළතුරු වර්ග වල හිඟයක් තිබූ බව නිරීක්ෂනය වුණා.පසුගිය ඇඳිරි නීති දිනයන් හී අලුත් එළවලු තොග නොලැබීම හමුවේ මෙම තත්වය ගොඩ නැගෙන්නට ඇති බව අනුමාන කළ හැකියි.
මේ අතර දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අද අලූයම විවෘත කිරීමත් සමග ලැබී තිබුණු ඉතා සීමිත එළවළු තොග අලූයම කාලයේම දුර පළාත්වල වෙළෙන්දන් පැමිණ මිලදීගත බවයි ආර්ථික මධ්‍යස්ථාන වෙලෙන්දන් සදහන් කළේ.

ඒ අතරම ඉන්ධන පෝළිම් කිලෝමීටර් ගණනකට වඩා දිගු බව සෑම නගරයකම පාහේ දක්නට ලැබුනා.මීගමුව නගර මධ්‍යයේ ඇති පිරවුම් හලේ පෝලිම කිලෝමීටර් දෙක තුනකට වඩා දිගු වූ බව අපට ප්‍රාදේශීය වාර්ථාකරුවන් විසින් කියා සිටි අතර බහුතරයක් නගර වල පෝලිම් ඉතා දිගු වී තිබීම ඉතා සාමාන්‍ය කාරණාවක් වුනා. ඉන්ධන පෝලිමක සිටි එක් මහතෙක් දසත පුවත් අප වාර්තාකරු හා කියා සිටියේ “නෝනා හාල් ගන්න ගියා ,මම තෙල් පෝළිමට ආවා මහත්තයා….” ලෙසයි

ඒ අතරම වියලි ආහාර ද්‍රව‍ය තොග රැස් කිරීමට ජනතාව පෙළඹීම නිසා බොහෝ සුපිරි වෙළඳසැල් මෙන්ම සතොස වෙළඳ සැල් වලද දැඩි ජනතාවක් සිටිනු දක්නට ලැබුනා.

ඒ සියල්ලම අතර ඇතැම් ජනතාව උගස් වෙළඳ සැල් වල තම කණකර උගස් කිරීමට පොදිකන ආකාරයත් අපට දක්නට ලැබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් නිසා අකුරැස්සේ උණුසුම් තත්ත්වයක්.."ඔයා කොහොමද රටේ නීතියක් කරන්නේ"
15:56
Video thumbnail
බිත්තිය වැ#ටුණනම් අම්මයි, පොඩි උන් දෙන්නයි ඉවරයි..මම කෑගැහුවා දාලා යන්න බෑ කියලා
02:12
Video thumbnail
එංගලන්තයට ගිය අගමැතිනිය යළි දිවයිනට ආ හැටි
00:23
Video thumbnail
අරගයක් ආවොත් ගු#ටිකාලා යන්න වෙයි කියලා මාලිමාවේ සමහරු දැන්ම යනවා
03:56
Video thumbnail
සජබයේ කාටවත් නඩු නෑ..හොරකම් නෑ..බංකොළොත් කරලා සජබයට බලය ගන්න ඕනි නෑ
02:58
Video thumbnail
වෙසක්වලට දන්සැල් දෙනවනම් මේක දැනගන්න..අකමැත්තෙන් වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:41
Video thumbnail
උතුරේ හෙල්මට් නැතුව බයික්වල ගිය තරුණයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත්තා..නීතිය හැමට සමානයි
02:19
Video thumbnail
හේමරතන හිමි තවත් මෙහෙම සිදුවීම් කරලද ? බලයෙන් යට ගිහින්ද ?..දැරිය මුදලටද ලබාගත්තේ ?
05:56
Video thumbnail
අටමස්ථානාධිපතිගේ සිද්ධිය නිසා පොලිස් මාධ්‍ය සාකච්ඡාව උණුසුම්..පොලිසියටත් උත්තර නැතිවෙයි?
08:08