සුළුකොට නොතැකූ වරදට දැඩි දඬුවම් දුන් මහාධිකරණ විනිසුරු

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳිවියකුට ලබාදීම සඳහා ඔහුට ගෙන ගිය ආහාර භාජනයේ පත්ලෙහි සඟවා හෙරොයින් ග්‍රෑම් 6.69 ප්‍රමාණයක් රැගෙන යාම හා ජාවාරම් කිරීම යන චෝදනා සම්බන්ධයෙන් වරදකරු කෙරුණු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (22) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

වයස අවුරුදු 45 ක අවිවාහකයෙකු වන මොහොමඩ් ඉස්තිකාර් යන විත්තිකරුට මේ ලෙස මහාධිකරණය මගින් දඬුවම් නියම වුණා.

විත්තිකරුට එරෙහිව එල්ල කර ඇති චෝදනා වන ජාවාරම් කිරීම සඳහා මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා දෙක පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කර ඇති බවට නිගමනය කරමින් විත්තිකරු සියලු චෝදනාවන්ට වරදකරු කරන බවට ප්‍රකාශ කළ විනිසුරුවරයා දඬුවම් නියම කළා.

රට තුළ සිදුවන මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් සමාජයට සිදු වී ඇති විනාශය සලකා බලා මෙම විත්තිකරුට උපරිම දඬුවම් නියම කරන ලෙසට දඬුවම් නියම කිරීමට ප්‍රථම පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි රජයේ අධිනීතීඥ කේශනී විජේසිංහ මහත්මිය අධිකරණයෙන් ඉල්ලීමක් කර සිටියා.

තම සේවාදායකයා මින් පෙර මෙවැනි චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකරුවකු වී නොමැති බව සැලකිල්ලට ගෙන ඔහුට ලිහිල් සිර දඬුවම් නියම කරන ලෙසට විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි රජයෙන් පත් කරන ලද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

කිසිදු බියකින් සැකයකින් තොර බන්ධනාගාරයක් තුළට දෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන යාම සුළු කොට තැකිය හැකි වරදක් නොවන බවට පෙන්වා දුන් විනිසුරුවරයා ඒ බව සලකා බලමින් විත්තිකරුට උපරිම දඬුවම් නියම කරන බව ප්‍රකාශ කළා.

ඉකුත් 2013 සැප්තැම්බර් මස 13 වෙන දින එම මත්ද්‍රව්‍ය තොගය බන්ධනාගාරය තුළට රැගෙන ගිය අවස්ථාවේදී අමුත්තන්ගේ ශාලාවේ දී සිදු කරන ලද පරික්ෂාවේ දී මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී එම භාජනයේ හෙරොයින් ග්‍රෑම් 19 ක් අඩංගු වී තිබූ අතර රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව රස පරීක්ෂක වාර්තාවට අනුව ශුද්ධ බර හෙරොයින් ග්‍රෑම් 6.69 වන බවට අධිකරණය හමුවේ අනාවරණය වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57


?