සුළි කුණාටු තත්ත්වයෙන් මලාවි රාජ්‍යයේ 200කට වැඩි පිරිසක් මරුට

මාසයක් තුළ දෙවන වරටත් දකුණු අප්‍රිකාව හරහා හමා ගිය ෆ්‍රෙඩී නිවර්තන කුණාටුවෙන් පසු මලාවි රාජ්‍යයේ පුද්ගලයින් 200කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

මලාවි හි වාණිජ කේන්ද්‍රස්ථානය වන Blantyre ප්‍රදේශයේ ළමුන් ද ඇතුළුව මරණ විශාල සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි සඳහන්.

මෙම ජල ගැලීම් තත්වය හමුවේ මලාවි හි කොලරාව පැතිරීම උග්‍ර වනු ඇති බවටයි සහන ආයතන අනතුරු අඟවන්නේ.

කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ දකුණු දිස්ත්‍රික්ක 10ක හදිසි ආපදා තත්ත්වයක් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සුළි කුණාටුව සහ ජල ගැලීම් තත්වය හමුවේ 20,000කට වැඩි පිරිසක් අවතැන්ව ඇති බව රජයේ ආපදා සහන ඒජන්සිය ප්‍රකාශ කර තිබෙනවා.

වර්ෂාව සහ තද සුළං හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇති බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවටයි සැක කෙරෙන්නේ.

ජල විදුලි බලාගාරය ද සුන්බුන්වලින් පිරී ඇති බැවින් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව ජාතික විදුලි සමාගම සඳහන් කර තිබෙනවා.

ගඩොල් සහ මඩ සහිත නිවාසවල ජීවත් වන ජනාකීර්ණ ප්‍රදේශවල දුප්පත් ප්‍රජාවන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇතැයි සඳහන්.

මෙම නිවාසවලින් සමහරක් ගංවතුරට කඩා වැටී ඇති අතර අනෙක් ඒවා සම්පූර්ණයෙන්ම ගසාගෙන ගොස් තිබෙනවා.

මාර්ග සහ පාලම් කඩාවැටීම ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධාවක් වී ඇති අතර අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් හෙලිකොප්ටර් භාවිතා කිරීමට ද හැකියාවක් ලැබී නැහැ.

ආහාර සහ නවාතැන් නොමැතිව සිටින දස දහස් සංඛ්‍යාත ජනතාව සඳහා ආධාර කරන ලෙසටයි මලාවි රජය ආයාචනා කර ඇත්තේ.

ෆ්‍රෙඩී යනු වයඹදිග ඕස්ට්‍රේලියාවේ සිට අප්‍රිකාවේ ප්‍රධාන භූමිය දක්වා සමස්ත ඉන්දියන් සාගරය හරහා ගමන් කළ ඉතිහාසයේ ඇති වූ කුණාටු හතරෙන් එකක් ලෙසට සැලකෙනවා.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානයට අනුව ෆ්‍රෙඩී, වාර්තාගත දීර්ඝතම නිවර්තන සුළි කුණාටුව ද විය හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?