AFC Banner
Empty Ad
Empty Ad

සුරේන්ද්‍ර වසන්ත ව ඝාතනයට මාස 03ක සිට පිඹුරුපත් ඇඳලා

Update :- මීට වසර 05කට පෙර එනම්; 2019 වර්ෂයේ දී පාතාල කල්ලි නායකයෙකු වූ මාකඳුරේ මධුෂ්, කංජිපානි ඉම්රාන් ඇතුළු පිරිසක් ඩුබායි හි දී පොලිස් අත්අඩංගුවට පත් වීමේ සිද්ධියට ‘ක්ලබ් වසන්ත’ සම්බන්ධ බවට මේ වනවිට (09) තොරතුරු අනාවරණය වෙමින් පවතින බව පොලිසිය පවසනවා.

මාකදුරේ මධූෂ් සතු රුපියල් කෝටි 100ක මුදලක් ද ක්ලබ් වසන්ත භාරයේ තිබූ බවටත්; එය අවස්ථා කිහිපයක දී කංජිපානි විසින් වසන්තගෙන් ඉල්ලා ඇති බවත්; නමුත් එම මුදල වසන්ත විසින් යළි ලබා දී නැති බව ද හෙළි ව තිබෙනවා.

මෙවන් තත්ත්වයක් මත මීට මාස කිහිපයකට පෙර නුවරඑළිය ප්‍රදේශයේ දී ක්ලබ් වසන්ත ඝාතනය කිරීමට සැලසුම් සකස් කළත් එය ද අසාර්ථක වී ඇති බවයි වාර්තා වන්නේ.

එවැනි පසුබිමක දී යි ක්ලබ් වසන්තට අතුරුගිරිය ප්‍රදේශයේ දී ඊයේ (08) වෙඩි තබා ඝාතනය කිරීමට පිටිය සකස් කර ඇති බවට අනාවරණය වී තිබෙන්නේ.

මෙම ඝාතනයට මාස 03ක කාලයක සිට සැලසුම් සකස් කර ඇති බව ද වාර්තා වනවා.

ඒ සඳහා බලපිටිය ප්‍රදේශයේ පදිංචි ටැටූ නිර්මාණය කිරීමට හැකියාවක් ඇති තරුණයෙකු සිය ඩුබායි සිටින මිතුරෙකුගේ මාර්ගයෙන් එහි ජීවත් වන තවත් අයෙකු සමග සමීප සබඳතා පවත්වා ඇති බවත්, තරුණයාට ටැටූ ගැසීමට හැකියාවක් තිබුණ ද ඊට අවශ්‍ය ආයතනයක් සකසා ගැනීමට තරම් වත්කමක් තිබී නැහැ.

එම අවස්ථාවේ දී ඩුබායි සිටින ඔහුගේ මිත්‍රයෙකු පවසා ඇත්තේ ටැටූ ආයතනයක් ඉදි කරගැනීමට තමන් මුදල් සපයන බවත්; ඒ වෙනුවෙන් ක්ලබ් වසන්තව ඝාතනය කිරීමට උදව් කරන ලෙසයි.

ඊට එකඟ ව මෙම තරුණයා විසින් රුපියල් ලක්ෂ 10ක මුදලක් සිය බැංකු ගිණුමට ගෙන්වා ගෙන ඇති බවත්; එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ ටැටූ ආයතනය විවෘත කිරීමේ අවස්ථාවට ඝාතනයට ඉලක්කගත තැනැත්තා වන ක්ලබ් වසන්තව ගෙන්වීමට ආරාධනා පත්‍රයක් යවා ඇත්තේ.

ඊට අමතර ව එම අවස්ථාවට තවත් ප්‍රසිද්ධ කලා ශිල්පීන්ට ද ආරාධනා කළ යුතු බවට ටැටූ කඩයේ හිමිකරුට උපදෙස් ලැබී ඇති බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
7
+1
15
+1
8
+1
10
+1
7
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?