සුරූපී විදෙස් කතුන් මුදලට විකිණූ කොල්ලුපිටියේ ගණිකා නිවසක් වටලයි (ඡායාරූප)

සුරූපී විදේශ ජාතික කාන්තාවන් යොදවා සිදුකරගෙන ගිය ගණිකා ජාවාරමක් වටලා විදෙස් තරුණියන් පස්දෙනකු සහ කළමනාකරුවෙකු ලෙස කටයුතු කළ අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොල්ලුපිටිය – මුහුදු මාවතේ හෝටලයක මෙම ගණිකා ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර, පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු තරුණියන් තායි ජාතිකයින් වන අතර, එම ස්ථානයේ තිබී උපත් පාලන කොපු විශාල ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට යොදා ගන්නා විශේෂිත උපකරණයක් ද සොයාගෙන තිබෙනවා.

එහි සිටි තරුණියක් මිලදී ගන්නා බව පවසමින් පොලිස් උපාය දූතන් යොදවා මෙම වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සංචාරක වීසා මත සහ රැකියා වීසා මත මෙරටට පැමිණ තිබූ මෙම තායි තරුණියන් පස්දෙනාගෙන් දෙදෙනෙකුට ගුවන් ගමන් බලපත්‍ර පවා නොතිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් තරුණියන් වයස අවුරුදු 20 සහ 30 අතර වයස්වල පසුවන්නියන් වන අතර හෝටලයේ හිමිකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන මේ වනවිටත් ක්‍රියාත්මකයි.

සැකකාරියන් සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොල්ලුපිටිය පොලීසිය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2029 ජනාධිපති විමල් වීරවංශ..?
10:21
Video thumbnail
ප්‍රභාගේ ගෙදර හදලා නැගණියට දෙන්න යන්නේ ?..සජබයට සටන තියෙන්නේ නාමල් එක්ක
02:50
Video thumbnail
ප්‍රසාද් සර් කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
05:55
Video thumbnail
ලාල් කාන්තගෙන් නාමල්ටයි ශිරන්තිටයි සැර කතාවක්.."රැලි ආවොත් වෙරළේ වැදිලා ආයේ යනවා"
04:19
Video thumbnail
මේ පාර රණවිරුවන් හඳුන්වලා දුන්නේ දිට්වා ගැන කියලා..ලබා ගත්ත නිදහස ගැන මෙයාලට වටිනාකමක් නැහැ
07:05
Video thumbnail
ශ්‍රී ලංකාවේ ප්‍රථම විගණකාධිපතිනිය වැඩ භාරගත් හැටි..කොහොමද දුන්න පිළිගැනීම
02:42
Video thumbnail
ජනාධිපතිතුමාට කොන්දක් නැද්ද - නාමල් රිදෙන්නම් දෙයි
07:58
Video thumbnail
ඔයාලා අද වහලුන් වෙලා - ලැජ්ජයි ලැජ්ජයි
04:23
Video thumbnail
සත්තු වගේ හිතන්න එපා මනුස්සයෝ වගේ හිතන්න..මා දැල් ධීවරයින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල දැඩි උණුසුම්
06:10
Video thumbnail
ආණ්ඩුට බෞද්ධ කොඩිය ඇලජික් ද - මොක්කු ද මේ..?
12:15


?