Empty Ad
Empty Ad
AFC Banner

සුරාසැල් දින දෙකක් වැසේ

නත්තල් සහ පොහොය දිනය හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලුම බලපත්‍ර ලත් සුරාසැල් වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙනවා.

ඒ අනුව ලබන 25 වන සඳුදා සහ 26 වන අගහරුවාදා මත්පැන් අලෙවිසැල් වසා තැබෙනු ඇති.

25 වනදා නත්තල් දිනයේදී සංචාරකයන්ගේ පහසුව උදෙසා, මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද තාරුකා පන්ති වර්ගීකරණයට යටත් හෝටල් සම්බන්ධයෙන් එම නියෝගය බල නොපැවැත්වෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

26 වන අඟහරුවාදා දිනට යෙදී ඇති පොහොය දිනය නිමිත්තෙන් සුරාසැල් වසා තැබීම සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලද සියලුම ආයතන සම්බන්ධයෙන් ද එක ලෙස බලපැවැත්වෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?