සුරාබදු පොලු තිබ්බ සමාගම් දෙකක නිෂ්පාදන අත්හිටුවයි

මෙන්ඩිස් සහ රන්දෙණිගල මත්පැන් නිෂ්පාදනාගාරවල මත්පැන් නිෂ්පාදන කටයුතු අද (28) සිට වහාම නතර කරන ලෙසට සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

මීට මසකට පෙර මෙම සමාගම්වල මත්පැන් නිෂ්පාදන කටයුතු නතර කිරීමට ද සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබුවා.

ඉන්පසු මුදල් අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡාවක දී තීරණය වූයේ දෙසැම්බර් 29 වන දින වනවිට හිඟ සුරාබදු මුදල් වාරික තුනකින් ගෙවා නිම කිරීමටයි.

කෙසේ වෙතත් එම එකඟතා කඩකර හිඟ සුරාබදු මුදල් නොගෙවීම හේතුවෙන් අද (28) දින සිට යළි ඒවායේ නිෂ්පාදන කටයුතු නතර කරන ලෙස දැනුම් දුන් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම සමාගම් දෙකෙන් මෙන්ඩිස් සමාගම පමණක් මිලියන 213ක සුරාබදු ලෙස වීමට තිබෙනවා.

එහෙත් එම සමාගම මේ දක්වා ගෙවා ඇත්තේ රුපියල් ලක්ෂ අටක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?