පසුගිය වසරේ රත්නපුර ප්රදේශයෙන් සොයාගත් කිලෝග්රෑම් 500කට අධික බරැති තරු නිල් මැණික් පොකුර ලොව විශාලතම තරු නිල් මැණික් පොකුරක් ලෙස ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් කර තිබේ.
දැනට ස්විට්සර්ලන්තයේ පවතින මැණික් පොකුර ක්රිස්ටීස් වෙන්දේසියේදී වෙන්දේසි කර ඒ සඳහා උපරිම ප්රතිලාභ ලබා ගැනීමට එක්සත් රාජධානියට ගෙන යනු ඇත.
ස්විට්සර්ලන්තයේ Gübelin Gem Lab ආයතනය මගින් මෙය තරු නිල් මැණික් පොකුරක් ලෙස සහතික කිරීමෙන් පසු මෙම පොකුර ගිනස් පොතේ ලියාපදිංචි කිරීමට පියවර ගෙන ඇත.
පසුගිය වසරේ රත්නපුර ප්රදේශයේ නිවසක ළිඳක් හාරමින් සිටි කම්කරුවන් විසින් මෙම තරු නිල් මැණික් පොකුර සොයා ගන්නා ලදී.
කිලෝග්රෑම් 510ක් හෙවත් කැරට් මිලියන 2.5ක් පමණ බරැති මෙම පොකුර නම් කර ඇත්තේ “Serendipity” යනුවෙනි.




