Empty Ad
AFC Banner
Empty Ad

සුබසාධන ප්‍රතිලාභ ලබා ගන්න අයදුම්පත් 3,710,000ක්

සුබසාධන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අයදුම්පත් 3,710,000ක් මේ වනවිට ලැබී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කරනවා.

එම අයදුම්පත් ජාලගත කිරීම මේ වනවිට සිදුව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

මීළග අදියර යටතේ නිවෙස් වෙත ගොස් අදාළ තොරතුරු රැස් කිරීම ආරම්භ කිරීමට නියමිත අතර, අදාළ කටයුතු ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුලු පාර්ශ්ව අතින් සිදු විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලය යටතේ ප්‍රතිලාභීන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සාකච්ඡා කිරීම සඳහා වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ පැවති හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහි දී ප්‍රධාන වශයෙන් ම නිවෙස් කරා ගමන් කිරීමට අවශ්‍ය ඉන්ධන ලබාදීම සඳහා දැනටමත් අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇතැයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

ඒ, අනුව දැනට සතියකට ලැබෙන ලීටර් 04 ඉන්ධන කෝටාවට අමතර යම් කාලයක් සඳහා අදාළ නිලධාරීන්ට ඉන්ධන ලබාදීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එහිදී අදහස් දක්වා සිටි රාජ්‍ය අමාත්‍යවරයා,

“මෙම සුබසාධන ප්‍රතිලාභ ලබා දීම සම්බන්ධයෙන් හඳුන්වාදෙනු ලබන නෛතික හා පරිගණක පද්ධතියන්හි යම් යම් ගැටළු හෝ අඩුපාඩු තිබේනම් ඒවා කඩිනමින්‌ වෙනස් කිරීමට එකගතාවයන් පළ කරලා තිබෙනවා. ඒ නිසා මේ සඳහා සහයෝගය දෙන්න. අපේ රටේ නීතියට හැමෝම බයයි. ඒ නිසා වැරදි තොරතුරු ඉදිරිපත් කිරීමේ අවධානම පිළිබඳව ඉදිරියේ දී ජනතාව දැනුවත් කරනවා. නිවැරදි තොරතුරු ලබා දීමට ජනතාව ක්‍රියා කළ යුතුයි. නිළධාරීන් කණ්ඩායමක් ඉලක්ක කරගෙන කටයුතු කරන්න රජයේ කිසිඳු අභිප්‍රායක් නැහැ. ඒ නිසා සියළු දෙනා එකඟව මෙම කටයුත්ත කඩිනමින් ඉටු කරමු.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03

?