AFC Banner
AFC Banner
Empty Ad

සුපිරි 04 වටයට තේරුණු ඉන්දියාව දඹුලු යන්න බෑ කියයි – ඉතිරි තරග ප්‍රේමදාසෙන් මහින්දෙට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 04 දෙනාගේ වටයට පිවිසීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායමට ඊයේ (04) හැකියාව ලැබුණා.

ඒ, නේපාල කණ්ඩායම සමඟ පැවති තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව කඩුලු 10කින් ජයගැනීමත් සමඟයි.

එත් සමඟ තරගාවලියේ ‘A’ කාණ්ඩයෙන් පාකිස්ථානය සහ ඉන්දියාව මේ වනවිට සුපිරි 04 දෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටිනවා.

මේ අතර මෙවර තරගාවලියේ සුපිරි 04 දෙනාගේ තරග වටයේ තරග කොළඹින් හම්බන්තොටට ගෙන යාමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ, මේ දිනවල කොළඹට ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමඟ තරග පැවැත්වීමට හැකි වාර්තාවරණයක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ නොමැති වීම හේතුවෙන්.

කෙසේ වෙතත් මීට පෙර එම තරග දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට ද යෝජනා කෙරුණු අතර, එයට ඉන්දීය කණ්ඩායම සිය අකමැත්ත පළකර තිබුණා.

ඒ, දඹුල්ල ප්‍රදේශයේ නවාතැන් පහසුකම් සුව පහසු නොවීම සහ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පහසුකම් අවම වීම හේතුවෙන්.

ඒ, අනුවයි තරගාවලියේ සුපිරි 04 දෙනාගේ වටයේ තරග සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට මේ වනවිට තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
8
+1
54
+1
5
+1
6
+1
3
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?