සුපිරි 04 වටයට තේරුණු ඉන්දියාව දඹුලු යන්න බෑ කියයි – ඉතිරි තරග ප්‍රේමදාසෙන් මහින්දෙට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 04 දෙනාගේ වටයට පිවිසීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායමට ඊයේ (04) හැකියාව ලැබුණා.

ඒ, නේපාල කණ්ඩායම සමඟ පැවති තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව කඩුලු 10කින් ජයගැනීමත් සමඟයි.

එත් සමඟ තරගාවලියේ ‘A’ කාණ්ඩයෙන් පාකිස්ථානය සහ ඉන්දියාව මේ වනවිට සුපිරි 04 දෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටිනවා.

මේ අතර මෙවර තරගාවලියේ සුපිරි 04 දෙනාගේ තරග වටයේ තරග කොළඹින් හම්බන්තොටට ගෙන යාමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ, මේ දිනවල කොළඹට ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමඟ තරග පැවැත්වීමට හැකි වාර්තාවරණයක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ නොමැති වීම හේතුවෙන්.

කෙසේ වෙතත් මීට පෙර එම තරග දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට ද යෝජනා කෙරුණු අතර, එයට ඉන්දීය කණ්ඩායම සිය අකමැත්ත පළකර තිබුණා.

ඒ, දඹුල්ල ප්‍රදේශයේ නවාතැන් පහසුකම් සුව පහසු නොවීම සහ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පහසුකම් අවම වීම හේතුවෙන්.

ඒ, අනුවයි තරගාවලියේ සුපිරි 04 දෙනාගේ වටයේ තරග සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට මේ වනවිට තීරණය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56