සුපිරි හෝටලයක හිදිමින් ඔන්ලයින් ගේම් දුන් “හතේ කල්ලිය” අල්ලයි

කොළඹ තරු පංතියේ හොටල් කාමරයක ලැඟුම් ගෙන සිටි ජාවාරම්කරුවන් 7දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ඊයේ රාත්‍රියේ වලාන දූෂණ මර්ධන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරුවන් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි තරු පංතියේ හොටල් කාමරයක ලැඟුම් ගෙන විවිධාකාරයේ කූඨ ජාවරම් කටයුතු වල නිරතව ඇති බවට තොරතුරු හෙළිවී ඇත්තේ.

මේ අතර සිටි ප්‍රධාන සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර සෙසු සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22ත් 40ත් අතර වයසේ පසුවන බවට හෙළිවී තිබේ.

මෙම සැකකරුවන් විසින් සමාජ මාධ්‍ය භාවිත කරමින් විවිධ කූඨ උපක්‍රම භාවිතා කරමින් මහජනතාවගෙන් වංචාසහගත ලෙස මුදල් ලබාගෙන ඇති බව අනාවරණය වී ඇත්තේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ එම මුදල් භාවිත කර මෙම සැකකරුවන් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇති බවට හෙළිවී ඇති බවයි.

මේ වනවිට මෙම සැකකරුවන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

මෙවැනි පුද්ගලයින් සමාජාල හරහා මහජනතාවගෙන් මුදල් වංචා කිරීමට ඉඩ ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමසිලිමත්ව අවධානයෙන් කටයුතු කරන ලෙසයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පලකළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?