සුපිරි වෙළෙඳසැලට පැමිණි දර සහ මැටි වළං

ගෑස් හිඟය හේතුවෙන් මේ දිනවල කොළඹ සුපිරි වෙළෙඳසල්වල රාක්ක තුළ දර හා මැටි වළං අසුරා තිබුණු අයුරු පෙනෙන්නට තිබෙනවා.

පවතින ගෑස් හිඟය හා ගෑස් පිපිරීමේ සිදුවීම් දිගින් දිගටම වාර්තා වීමත් සමඟ මහජනයා මෙම විකල්ප ක්‍රමවේද සිය දෛනික කටයුතු සඳහා භාවිත කිරීමට පෙළඹි ඇති බවකි පෙනෙන්නට ඇත්තේ.

මීට පෙර දිවයින පුරා භූමිතෙල් ළිප්වල හිඟයක් ද ඇති වුණේ මෙම ගෑස් ආශ්‍රීත ව පැන නැඟුණු අර්බුද හමුවේයි.

කොළඹ ඇතුළු දිවයිනේ පළාත් රැසක පිහිටි සුපිරි වෙළෙඳසැල් වල මේ දිනවල දර, මැටි වළං අසුරා තිබීම සුලභ දසුනක් බවයි අප වාර්තාකරුවන් පැවැසුවේ.

Da 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?