සුපිරි මෝටර් රථ ධාවකයා අනතුරකින් ජීවිතක්ෂයට

මෝටර් රථ රැළි ධාවකයෙකු සහ යුටියුබ් තරුවක් වන කෙන් බ්ලොක් රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ අධික බෑවුමක හිම රථයක් පදවාගෙන යමින් සිටියදී එම රථය පෙරළී ගොස් සිදුවූ අනතුරකින් බ්ලොක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඇමරිකාවේ Wasatch ප්‍රාන්තයේ දී ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති අතර මිය යනවිට කෙන් බ්ලොක් 55 හැවිරිදි වියේ පසු වුණා.

අනතුර සිදුවන අවස්ථාවේ දී ඔහු පමණක් එම රථයේ ගමන්කර ඇති අතර, විදෙස් වාර්තා පැවසුවේ අනතුර සිදුවූ ස්ථානයේදීම කෙන් බ්ලොක් මියගොස් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?