සුපිරි බාලිකා පාසැලක 15 හැවිරිදි සිසුවිය අතුරුදන් : පෙම්වතා රිමාන්ඩ්

මහනුවර ප්‍රධාන පෙළේ සුපිරි බාලිකා විද්‍යාලයක 10 ශ්‍රේණීයේ ඉගෙනුම ලබන බාලවයස්කාර දැරියක අතුරුදන්වීමේ සිද්ධියට අදාළව මහනුවර පොලීසිය අත්අඩංගුවට ගත් ඇගේ පෙම්වතා බව කියන විසි හැවිරිදි තරුණයකු හෙට (16) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහනුවර මහේස්ත්‍රාත් දුමින්ද ප්‍රභාත් මුදුන්කොටුව මහතා අද නියෝග කළේ.

මෙම සිද්ධියට අදාළව මහනුවර පොලීසිය අත්අඩංගුවට ගත් මෙම සැකකරු පේරාදේණීය පොලීසියට භාරදීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.

මෙම දැරිය ඉකුත් 09 වැනිදා සිට අතුරුදන්ව ඇති බවට ඇයගේ දෙමාපියන් කරන ලද පැමිණීල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව පේරාදෙණීය පොලීසිය අධිකරණයට කරුණූ වාර්තා කර ඇත.

සිදුකළ විමර්ශනයට අනුව මෙම දැරිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වූ බව කියන නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකළ බවත් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර අතුරුදන් දැරිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වාර්තා කරන ලෙසට පේරාදෙණීය පොලීසියට නියම කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෙකෝඩ් කරලා තියාගන්න - ආයේ හාල් ගෙන්නන්නේ නෑ"
06:55
Video thumbnail
ලුනාවේ කලපුවෙන් හමුවූ අභිරහස් නිසල සිරුර..සිරුර හදුනා ගන්න බැරි තරමට විරූපි වෙලා
01:18
Video thumbnail
මධ්‍යම බස් නැවතුම්පොළ ගැන ජනතාවගේ අදහස්.."හොඳ වුණාට අපිට පහසුකම් නෑනේ.. Stand එක Update වෙලා..
02:41
Video thumbnail
නිදහස් පක්ෂයේ කාන්තාවෝ ජනපතිව හොඳවයින් අමතයි
05:07
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13