AFC Banner
Empty Ad
Empty Ad

සුපිරි බාලිකා පාසැලක 15 හැවිරිදි සිසුවිය අතුරුදන් : පෙම්වතා රිමාන්ඩ්

මහනුවර ප්‍රධාන පෙළේ සුපිරි බාලිකා විද්‍යාලයක 10 ශ්‍රේණීයේ ඉගෙනුම ලබන බාලවයස්කාර දැරියක අතුරුදන්වීමේ සිද්ධියට අදාළව මහනුවර පොලීසිය අත්අඩංගුවට ගත් ඇගේ පෙම්වතා බව කියන විසි හැවිරිදි තරුණයකු හෙට (16) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහනුවර මහේස්ත්‍රාත් දුමින්ද ප්‍රභාත් මුදුන්කොටුව මහතා අද නියෝග කළේ.

මෙම සිද්ධියට අදාළව මහනුවර පොලීසිය අත්අඩංගුවට ගත් මෙම සැකකරු පේරාදේණීය පොලීසියට භාරදීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.

මෙම දැරිය ඉකුත් 09 වැනිදා සිට අතුරුදන්ව ඇති බවට ඇයගේ දෙමාපියන් කරන ලද පැමිණීල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව පේරාදෙණීය පොලීසිය අධිකරණයට කරුණූ වාර්තා කර ඇත.

සිදුකළ විමර්ශනයට අනුව මෙම දැරිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වූ බව කියන නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකළ බවත් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර අතුරුදන් දැරිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වාර්තා කරන ලෙසට පේරාදෙණීය පොලීසියට නියම කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?