සුපිරි පාපන්දු තරුව මෙසීට මරණ තර්ජන

ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලියොනල් මෙසීට මරණ තර්ජන එල්ල කළ පුවතක් විදෙස් මධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (02) අලුයම් කාලයේ මෙසීගේ බිරිඳගේ ඥාති කාන්තාවට අයත් සුපිරි වෙළඳසැලකට තුවක්කුකරුවන් දෙදෙනෙකු පැමිණ වෙඩි ප්‍රහාරයක් එල්ලකර මෙලෙස මෙසීට මරණ තර්ජන සිදුකර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

“Unico” නැමති මෙම වෙළඳසැල ආර්ජන්ටිනාවේ සැන්ට ෆේ පළාතේ පිහිටි රොසරියෝ නගරයේ පිහිටා ඇති අතර, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි ප්‍රහාර 14ක් වෙළඳසැලට එල්ල කර ඇති බව සඳහන්.

අනතුරුව වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා වෙළඳසැල ඉදිරිපිට බෝඩ් කැබැල්ලක් දමා ගොස් ඇති අතර, එහි පාපන්දු තරුව වන මෙසීට තර්ජනාත්මක ආමන්ත්‍රණයක් සඳහන් කර තිබෙනවා.

“Messi, we are waiting for you, Javkin is a drug dealer, He is not going to look after you” (මෙසී, අප ඔබ පැමිණෙන තෙක් බලාසිටින්නෙමු. ජවකින් කියන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්, ඔහුට බෑ ඔබව ආරක්ෂා කරන්න) යනුවෙන් එහි සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ.

කෙසේ වෙතත් මෙම තර්ජනාත්මක ප්‍රකාශය පිළිබඳව මෙසී හෝ ඔහුගේ බිරිඳ වන ඇන්ටොනෙලෝ රකුසෝ හෝ පවුලේ කිසිවෙක් මේ දක්වා කිසිඳු ප්‍රකාශයක් සිදුකර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27