සුපිරි පන්දුවාර 03ක් දක්වා දුර ගිය ඉතිහාසගත 20-20 තරගය

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ තරගයක ජයග්‍රාහකයින් තීරණය කිරීමට සුපිරි පන්දුවාර තුනක් ක්‍රියාත්මක කළ පළමු තරගය බවට නෙදර්ලන්තය සහ නේපාලය අතර ඊයේ (16) පැවති දෙවන විස්සයි විස්ස තරගය ඉතිහාසයට එක් වුණා.

ග්ලාස්ගෝ හිදී පැවති මෙම තරගය තියුණු සටනකින් අනතුරුව තුන්වන සුපිරි පන්දුවරයේ දී ජයගැනීමට නෙදර්ලන්ත කණ්ඩායමට හැකියාව ලැබුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 152ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාලයට ද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 152ක් පමණයි.

ඒ, අනුව තරගයේ ජයග්‍රාහකයින් සුපිරි පන්දුවාරයකින් තෝරා ගැනීමට විනිසුරුවන් තීරණය කළේ ක්‍රිකට් නීති රීතිවලට අනුවයි.

එහිදී සුපිරි පන්දු වාරයේ දී පළමුව පන්දුවට පහර දුන් නේපාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 19ක් රැස්කළ අතර, නෙදර්ලන්තය ද සුපිරි පන්දුවාරයේ දී ලකුණු 19ක් රැස් කළා.

අනතුරුව ජයග්‍රාහකයින් තීරණය කිරීම වෙනුවෙන් දෙවන සුපිරි පන්දුවරයක් ද ක්‍රියාත්මක කිරීමට සිදු වුණේ පළමු සුපිරි පන්දුවාරයේ කණ්ඩායම් දෙකේම ලකුණු සමවීම හේතුවෙන්.

එහිදී පළමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්තය ලකුණු 17ක් එක් කඩුල්ලක් දැවී රැස් කළ අතර, දෙවන සුපිරි පන්දුවරයේ දී ලකුණු 18ක ඉලක්කයක් හඹා ගිය නේපාලයට ද දෙවන සුපිරි පන්දුවාර තුළ රැස්කර ගත හැකි වුණේ ලකුණු 17ක් පමණයි.

ඒ, අනුව ක්‍රිකට් ඉතිහාසයේ තරගයක තුන්වන සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමේ තීරණය ගැනීමට විනිසුරුවන්ට සිදුවුණේ මෙම තරගයේ ජයග්‍රාහකයින් තෝරා ගැනීම වෙනුවෙන්.

ඒ, අනුව තුන්වන සුපිරි පන්දුවාරයේ පළමුව පන්දුට පහර දුන් නේපාල කණ්ඩායමට ලකුණු රැස් කිරීමට හැකියාව නොලැබුණු අතර, ඔවුන්ගේ නියමිත කඩුලු 02 පන්දු 04ක් තුළ දවාගැනීමට නෙදර්ලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

අනතුරුව පන්දු හයක් තුළ එක් ලකුණක පහසු ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්ත ක්‍රීඩකයින්, තුන්වන සුපිරි පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම දැවැන්ත හයේ පහරක් එල්ල කළ මයිකල් ලෙවිට් නෙදර්ලන්තයට මෙම තරගයේ ජයගෙන ආවා.

1 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
0
+1
28
+1
12
+1
1
+1
1
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?