සුපිරි පන්දුවාර 03ක් දක්වා දුර ගිය ඉතිහාසගත 20-20 තරගය

ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ තරගයක ජයග්‍රාහකයින් තීරණය කිරීමට සුපිරි පන්දුවාර තුනක් ක්‍රියාත්මක කළ පළමු තරගය බවට නෙදර්ලන්තය සහ නේපාලය අතර ඊයේ (16) පැවති දෙවන විස්සයි විස්ස තරගය ඉතිහාසයට එක් වුණා.

ග්ලාස්ගෝ හිදී පැවති මෙම තරගය තියුණු සටනකින් අනතුරුව තුන්වන සුපිරි පන්දුවරයේ දී ජයගැනීමට නෙදර්ලන්ත කණ්ඩායමට හැකියාව ලැබුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 152ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නේපාලයට ද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 152ක් පමණයි.

ඒ, අනුව තරගයේ ජයග්‍රාහකයින් සුපිරි පන්දුවාරයකින් තෝරා ගැනීමට විනිසුරුවන් තීරණය කළේ ක්‍රිකට් නීති රීතිවලට අනුවයි.

එහිදී සුපිරි පන්දු වාරයේ දී පළමුව පන්දුවට පහර දුන් නේපාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 19ක් රැස්කළ අතර, නෙදර්ලන්තය ද සුපිරි පන්දුවාරයේ දී ලකුණු 19ක් රැස් කළා.

අනතුරුව ජයග්‍රාහකයින් තීරණය කිරීම වෙනුවෙන් දෙවන සුපිරි පන්දුවරයක් ද ක්‍රියාත්මක කිරීමට සිදු වුණේ පළමු සුපිරි පන්දුවාරයේ කණ්ඩායම් දෙකේම ලකුණු සමවීම හේතුවෙන්.

එහිදී පළමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්තය ලකුණු 17ක් එක් කඩුල්ලක් දැවී රැස් කළ අතර, දෙවන සුපිරි පන්දුවරයේ දී ලකුණු 18ක ඉලක්කයක් හඹා ගිය නේපාලයට ද දෙවන සුපිරි පන්දුවාර තුළ රැස්කර ගත හැකි වුණේ ලකුණු 17ක් පමණයි.

ඒ, අනුව ක්‍රිකට් ඉතිහාසයේ තරගයක තුන්වන සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමේ තීරණය ගැනීමට විනිසුරුවන්ට සිදුවුණේ මෙම තරගයේ ජයග්‍රාහකයින් තෝරා ගැනීම වෙනුවෙන්.

ඒ, අනුව තුන්වන සුපිරි පන්දුවාරයේ පළමුව පන්දුට පහර දුන් නේපාල කණ්ඩායමට ලකුණු රැස් කිරීමට හැකියාව නොලැබුණු අතර, ඔවුන්ගේ නියමිත කඩුලු 02 පන්දු 04ක් තුළ දවාගැනීමට නෙදර්ලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

අනතුරුව පන්දු හයක් තුළ එක් ලකුණක පහසු ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්ත ක්‍රීඩකයින්, තුන්වන සුපිරි පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම දැවැන්ත හයේ පහරක් එල්ල කළ මයිකල් ලෙවිට් නෙදර්ලන්තයට මෙම තරගයේ ජයගෙන ආවා.

1 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17