Empty Ad
AFC Banner
Empty Ad

සුප්‍රසිද්ධ දූරකථන සමාගමක ෆයිනෑන්ස් ආයතනයක මූල්‍ය වංචාවක් – අධිකරණයෙනුත් නියෝගයක්

ප්‍රසිද්ධ පෞද්ගලික දූරකථන සමාගමක ෆයිනෑන්ස් ආයතනයේ ප්‍රධාන ගිණුමකට සම්බන්ධ ගිණුම් 125ක තිබූ රුපියල් කෝටි 5ට අධික මුදලක් එම ආයතනයේම බැර කාඩ්පත් භාවිතා කරමින් වංචා සහගතව ලබාගෙන ඇතැයි කියන සැකකරුවන් කීප දෙනෙකුගේ ගිණුම් 100ක් පිළිබඳ ව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය වෙත දැන්වූවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන වන විට සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඊට අමතරව තවත් සැකකරුවන් 15 දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවා.

මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් හා අත්අඩංගුවට ගැනීමට නියමිත සැකකරුවන් අදාළ ආයතනයේ බැර කාඩ් පත් ලබාගෙන ඒ හරහා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධවී එහි ප්‍රධාන ගිණුමට සම්බන්ධ ගිණුම් 125 ක තිබූ රුපියල් මිලියන 53 ක මුදලක් එසේ වංචා සහගතව ලබාගෙන ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් පස් දෙනෙකුගෙන්, සිව් දෙනෙකු ඇප මත මුදාහැර තිබෙන අතර එක් සැකකරුවෙකු මෙම මස 30 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

සිද්ධියට අදාළව හඳුනාගෙන ඇති 6 හා 7 යන සැකකරුවන් දෙදෙනා විදෙස් ගතවීමේ අවදානමක් පවතින බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට විමර්ශන නිලධාරීන් කරන ලද ඉල්ලීමට අධිකරණයේ අවසරය හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව ළඟ තියාගෙන හිරුණිකා අමතයි - හිරුණිකාගේ කතාවට සජිතුත් හොල්මන්
Video thumbnail
ෂෙඩ්වල පෝලිම් - මිනිස්සු යකා නටයි - ආණ්ඩුවට ### කියලා බනියි
06:28
Video thumbnail
වාහන 04ක් එකිනෙක ගැටුණු බිහිසුණු අනතුරේ සජීවී දර්ශන
04:57
Video thumbnail
අඩු වූ ප්‍රෙට්‍රල් මිල ගැන මිනිස්සු කියන කතා මෙන්න
06:57
Video thumbnail
සජිත් වේදිකාව දෙක කරමින් කරපු කතාව
17:43
Video thumbnail
නාමල් ජනපති අනුරට විහිළු කරයි
17:52
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:50:31
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21

?