සුප්‍රසිද්ධ ඉන්දීය රංගන ශිල්පිනියක් හෝටලයක් තුළ සියදිවි නසා ගනී

සුප්‍රසිද්ධ භෝජ්පූරි නිරූපිකාවක සහ රංගන ශිල්පිනියක වන ආකන්ක්ෂා ඩුබේගේ මළ සිරුර වරනාසි හි හෝටලයක තිබී අද (26) සොයාගත් බව ඉන්දීය පොලිසිය පවසනවා.

25 හැවිරිදි ආකන්ක්ෂා සියදිවි නසාගෙන මිය ගිය බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

ඇයගේ මෘත ශරීරය මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර ඇති බවයි ඉන්දීය පොලිසිය සඳහන් කළේ.

රූගත කිරීමක් සඳහා ආකන්ක්ෂා, වරනාසි වෙත පැමිණ සිට ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

“ප්‍රාථමික වාර්තාවෙන් පෙනී යන්නේ එය සියදිවි නසාගැනීමක් විය හැකි බවයි. නමුත් මරණයට හේතුව තහවුරු කර ගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එනතෙක් අපට බලා සිටිය යුතුයි,” උසස් පොලිස් නිලධාරියෙක් ආකන්ක්ෂා ඩුබේගේ මරණ සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දක්වමින් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?