AFC Banner
AFC Banner
Empty Ad

සුපර් ස්ටාර් රජිනිගේ ‘වෙට්ටයියන්’ ඔක්තෝම්බරයේ ප්‍රදර්ශනයට

දමිළ සිනමාවේ සුපර් ස්ටාර් ලෙස හඳුන්වන ජනප්‍රිය නළු රජිනිකාන්ත්ගේ 170 වන චිත්‍රපටය මේ වසරේ දී නිකුත්වීමට නියමිතයි.

‘වෙට්ටයියන්’ ලෙස නම්කර ඇති රජිනිගේ මෙම නවතම චිත්‍රපටය එළෙඹෙන ඔක්තෝම්බර් මාසයේ දී ලොව පුරා ප්‍රදර්ශනය අරඹන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

වෙට්ටයියන් චිත්‍රපටයේ නිෂ්පාදකයින් විසින් චිත්‍රපටය නිකුත් කිරීම පිළිබඳ නවතම යාවත්කාලීනය කිරීම අද සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

ඒ, මෙම චිත්‍රපටයේ නවතම පෝස්ටරයක් ද සමඟින්.

‘වෙට්ටයියන්’ චිත්‍රපටයට අමිතාබ් බච්චන්, රිතිකා සිං, ෆහාඩ් ෆාසිල්, මංජු වාරියර් වැනි ජනප්‍රිය ඉන්දීය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වී තිබෙනවා.

රජිනිකාන්ත්ගේ මෙම චිත්‍රපටයේ රූගත කිරීම් ත්‍රිවන්ද්‍රම්, තිරුනෙල්වේලි සහ තූත්තුකුඩි යන ප්‍රදේශවල සිදුකර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?