සුනඛයෙකු උසිගන්වා පොලිස් නිලධාරියෙකුට තුවාල සිදුකළ පුද්ගලයෙකු රිමාන්ඩ්

නිවසේ සිටි සුනඛයෙකු උසි ගන්වා සපා කෑමට සළස්වා රාජකාරි කටයුත්තක් සඳහා ගිය පොලිස් නිලධාරියෙකුට තුවාල සිදුකල කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 12 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙත ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

සැකකරු මිනුවන්ගොඩ නිල්පනාගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මිනුවන්ගොඩ පොලීසිය වෙත ලැබී තිබූ පැමිණිල්ලකට අදාලව සැකකරු පොලීසිය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත නිලධාරීන් දෙදෙනෙකු ඔහුගේ නිවසට ගොස් තිබුණා.

පොලිස් නිලධාරීන් දෙදෙනා දුටු සැකකරු නිවස තුළට ගොස් එහි සිටි සුනඛයා පිටතට කැඳවා පොලිස් නිලධාරීන් පෙන්වා උසි ගන්වා ඇති බවයි අධිකරණයේදී සඳහන් වුණේ. එහිදී එක් පොලිස් කොස්තාපල්වරයෙකුගේ කකුලක් සුනඛයා විසින් සපා කා ඇති අතර තුවාල ලැබූ කොස්තාපල්වරයා ගම්පහ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?