සුදු සැරයටි දින කොඩිය ජනාධිපති ලේකම්ට පළඳවයි (ඡායාරූප)

ජාත්‍යන්තර සුදු සැරයටි දිනයට සමගාමීව ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත කොඩිය පැළඳවීම අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා.

මේ අතර ජනාධිපති කාර්යාලයේ වියදමින්, දෘශ්‍යාබාධිත වූවන් වෙනුවෙන් ලබාදුන් සුදුසැරයටි 300ක් සංකේතාත්මකව දෘශ්‍යාබාධිත සංගමය වෙත පිරිනැමීම ද මෙහිදී සිදුවුණේ ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්.

දෘශ්‍යාබාධිත පිරිස් මුහුණදෙන ගැටලු විසඳීමට ජනාධිපති කාර්යාලය හැකි උපරිම සහයෝගය ලබාදෙන බවයි ජනාධිපති ලේකම්වරයා මෙහිදී කියා සිටියේ.

දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි මෙම සංගමය පිහිටුවා ඇති බවත් දෘශ්‍යාබාධිත කාන්තාවන්ගේ සුභසිද්ධිය උදෙසා ආබාධිත කාන්තා සංගමය එහි එක් ශාඛාවක් ලෙස ක්‍රියාත්මක වන අතර, ආබාධිත තරුණයින්ගේ ගැටලු විසඳීම සඳහා ආබාධිත තරුණ සංගමයක් ද ක්‍රියාත්මක බව මෙහිදී අදහස් දැක්වූ ජාතික දෘශ්‍යාබාධිත සංගමයේ ලේකම් ප්‍රසන්න වික්‍රමසිංහ සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?