“සුදු මැස්සා” (Whitefly) මර්දනයට ගතයුතු පියවර ගැන සාකච්ඡාවක් ජනපති ලේකම් ප්‍රධානත්වයෙන්

පොල් වගාව ආශ්‍රිතව මේ දිනවල සීග්‍රයෙන් ව්‍යාප්ත වන “සුදු මැස්සා” (Whitefly) කෘමි උවදුර මර්දනය තිරසරව කළමනාකරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයේ ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා.

මෙම කෘමි උවදුර පිළිබඳ පොල් වගාකරුවන් දැනුවත් කිරීම සඳහා විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් පොල් පර්යේෂණ ආයතනය ඇතුළු වගකිවයුතු ආයතන විසින් මේ වන විටත් ග්‍රාමීය මට්ටමින් ක්‍රියාවට නංවා තිබෙන අතර, ඒවා ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ දී විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍යයන්හි දායකත්වය විධිමත්ව ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් කෙරුණා.

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ කාළගුණික වෙනස්කම්, නීත්‍යානුකූල නොවන මාර්ගවලින් ගෙන ආ පොල් පැළ වගා කිරීම සහ ස්වභාවික පරපෝෂිතයන් එකවර අඩුවී යාම වැනි හේතු මෙම කෘමි උවදුර ව්‍යාප්තවීමට බලපා ඇති බවයි.

කොළඹ, ගම්පහ, කෑගල්ල, කළුතර ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක පොල් වගාකරුවන් මේ වන විට මෙම කෘමි උවදුරේ බලපෑමට ලක්ව සිටින බව ද මෙහිදී අනාවරණ කෙරුණා.

මෙම තත්ත්වය මර්දනය කිරීම සඳහා අදාළ ආයතන මගින් ගෙන ඇති පියවර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ දී නිලධාරීන්ගේ හිඟය ප්‍රධාන ගැටලුවක් වී ඇති බව ද මෙහිදී සඳහන් කෙරුණා.

ඊට විසඳුමක් ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සිට ග්‍රාමීය නිලධාරින් දක්වා සියලු දෙනා මීට දායක කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසටයි ජනාධිපති ලේකම්වරයා උපදෙස් දුන්නේ.

එසේම “සුදු මැස්සා” කෘමි උවදුරෙන් හානි වූ වගාවන් පිළිබඳ නිවැරදි තොරතුරු රැස් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා කෘමි උවදුර මර්දනය කිරීම සඳහා මෙම විෂය සම්බන්ධ කටයුතු කරන විශ්වවිද්‍යාල ප්‍රජාවගේ සහාය ලබා ගැනීමට ද උපදෙස් දී තිබෙනවා.

මතුව ඇති තත්ත්වය පාලනය කිරීම සහ මර්දනය සඳහා පරපෝෂිතයන් වගා කිරීම, අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම වැනි කඩිනම් විසඳුම්වලට යොමු වන ලෙස ද ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් උ‍පදෙස් දෙනු ලැබුවා.

අදාළ ආයතනවල ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?