“සුදු මැස්සා” (Whitefly) මර්දනයට ගතයුතු පියවර ගැන සාකච්ඡාවක් ජනපති ලේකම් ප්‍රධානත්වයෙන්

පොල් වගාව ආශ්‍රිතව මේ දිනවල සීග්‍රයෙන් ව්‍යාප්ත වන “සුදු මැස්සා” (Whitefly) කෘමි උවදුර මර්දනය තිරසරව කළමනාකරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයේ ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා.

මෙම කෘමි උවදුර පිළිබඳ පොල් වගාකරුවන් දැනුවත් කිරීම සඳහා විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් පොල් පර්යේෂණ ආයතනය ඇතුළු වගකිවයුතු ආයතන විසින් මේ වන විටත් ග්‍රාමීය මට්ටමින් ක්‍රියාවට නංවා තිබෙන අතර, ඒවා ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ දී විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍යයන්හි දායකත්වය විධිමත්ව ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් කෙරුණා.

මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ කාළගුණික වෙනස්කම්, නීත්‍යානුකූල නොවන මාර්ගවලින් ගෙන ආ පොල් පැළ වගා කිරීම සහ ස්වභාවික පරපෝෂිතයන් එකවර අඩුවී යාම වැනි හේතු මෙම කෘමි උවදුර ව්‍යාප්තවීමට බලපා ඇති බවයි.

කොළඹ, ගම්පහ, කෑගල්ල, කළුතර ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක පොල් වගාකරුවන් මේ වන විට මෙම කෘමි උවදුරේ බලපෑමට ලක්ව සිටින බව ද මෙහිදී අනාවරණ කෙරුණා.

මෙම තත්ත්වය මර්දනය කිරීම සඳහා අදාළ ආයතන මගින් ගෙන ඇති පියවර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ දී නිලධාරීන්ගේ හිඟය ප්‍රධාන ගැටලුවක් වී ඇති බව ද මෙහිදී සඳහන් කෙරුණා.

ඊට විසඳුමක් ලෙස ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සිට ග්‍රාමීය නිලධාරින් දක්වා සියලු දෙනා මීට දායක කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙසටයි ජනාධිපති ලේකම්වරයා උපදෙස් දුන්නේ.

එසේම “සුදු මැස්සා” කෘමි උවදුරෙන් හානි වූ වගාවන් පිළිබඳ නිවැරදි තොරතුරු රැස් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා කෘමි උවදුර මර්දනය කිරීම සඳහා මෙම විෂය සම්බන්ධ කටයුතු කරන විශ්වවිද්‍යාල ප්‍රජාවගේ සහාය ලබා ගැනීමට ද උපදෙස් දී තිබෙනවා.

මතුව ඇති තත්ත්වය පාලනය කිරීම සහ මර්දනය සඳහා පරපෝෂිතයන් වගා කිරීම, අවශ්‍ය යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම වැනි කඩිනම් විසඳුම්වලට යොමු වන ලෙස ද ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් උ‍පදෙස් දෙනු ලැබුවා.

අදාළ ආයතනවල ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43