සුදුලූනු වංචාව මරණීය තර්ජන දක්වා දුරදිග යයි

සතොස සුදුලූනු වංචාවේ සිද්ධිය මරණීය තර්ජන දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වනවා.

සතොස වෙනුවෙන් සුදු ලූනු තොගය මෙරටට ගෙන්වන ලද එන්රිවර් ඉන්වෙස්මන්ට් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ අනුර අබේවර්ධන මහතාට දුරකථනය ඔස්සේ මරණීය තර්ජන එල්ල කිරීම නිසා.

සිද්ධිය ගැන නඩු 2ක්

මේ සිද්ධිය සම්බන්ධයෙන් වත්තල මහෙස්ත්‍රාත් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක්මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේද පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මරණ තර්ජන එල්ල කළ දුරකථන ඇමතුම ලබාදී තිබෙන්නේ එම නඩුව දින 10ක් ඇතුළත ඉල්ලා අස් කරගන්නා ලෙස දැනුම් දීමටයි.

එසේ නොවුණොත් අබේවර්ධන මහතාට ඔහුගේ බිරිඳට හා දියණියට මුහුණ දීමට සිදුවන ඉරණමද මරණීය තර්ජනකරු සඳහන් කර තිබෙන්නේ ආණ්ඩුවේ හයියත් එක්ක හැප්පෙන්න පුළුවන් දැයි අබේවර්ධන මහතාගෙන් ප්‍රශ්න කරමින්.

වංචනික ගනුදෙනුවේ තොරතුරු

අදාළ සිද්ධියට සම්බන්ධ සුදු ළූණු කිලෝ ග්‍රෑම් 54860 ක් මේ වන විටත් විට තනි සන්තක කොට ඇති අතර එහි වටිනාකම රු. ලක්ෂ 74ක්.

එම සුදු ලූනු තොගය සතොස ආයතනය විසින් වංචනික අයුරින් ව්‍යාපාරිකයෙකුට විකුණා කොමිස් මුදල් ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි නඩු ගොනු කර තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙපාර්තමේන්තුව විසින් සිදු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?