AFC Banner
Empty Ad
Empty Ad

සීලරතන හිමි සල්ලි නැතිව ඇප තියන්න ඇවිත් (වීඩියෝ)

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින්ගේ ඇප මුදල් තැන්පත් කිරීම අද (26) පෙරවරුවේ සිට ආරම්භ වුණා.

ඒ, අනුව මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ පළමු අපේක්ෂකයා බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් වුණා.

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙලෙස ඇප මුදල් තැන්පත් කිරීම සිදු කරනු ලැබුවා.

මේ අතර ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරත්න හිමියන් ද අද (26) දහවල් මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබුණේ ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සඳහායි.

කෙසේ වෙතත් ඇප මුදල් තැන්පත් කිරීමට උන්වහසේ මුදල් රැගෙන පැමිණ නොතිබූ බවයි වාර්තා වුණේ.

ඒ, හේතුවෙන් අද (26) දිනයේ දී ඇප තැන්පත් කිරීමට උන්වහන්සේට හැකියාව නොලැබුණු අතර, එහිදී උන්වහන්සේ පැවසුවේ ලබන සඳුදා දිනයේ දී යළි පැමිණ ඇප මුදල් තැන්පත් කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
19
+1
1
+1
2
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?