සීමා නිර්ණය කොමිසමට යෝජනා දීමට තිබූ කාලය දිගුවෙයි

පළාත් පාලන ආයතනවල කොට්ඨාස සීමා නිර්ණය කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාල සීමාව දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව එම කාලය දෙසැම්බර් මස 05 වනදා දක්වා දීර්ඝ කළ බවයි පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ.

විවිධ පාර්ශවයන් විසින් කරන ලද ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා නිර්ණය කිරීම සඳහා මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පසුගියදා නම් කළා.

මෙම කමිටුවේ නිල කාලය ලබන පෙබරවාරි 28 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?