සීතාවක සංචාරක කර්මාන්තය නංවන්න විශේෂ සංචාරක දුම්රියක්

සීතාවක සංචාරක කර්මාන්තය නැංවීම වෙනුවෙන් සති අන්ත විශේෂ සංචාරක දුම්රිය සේවයක් ලබන 15 වැනිදා සිට ආරම්භ කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සීතාවකපුර සංචාරක කලාප වර්ධනය වැඩසටහන පිළිබඳව පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.

සීතාවකපුර උද්භිද උද්‍යාන ශ්‍රවණාගාරයේදී පැවති මෙම සාකච්ඡාවේ දී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“කොළඹ දිස්ත්‍රික්කයේ පවතින ඉතාමත් සුන්දර ම පරිසර පද්ධතිය වන්නේ කැලණි මිටියාවත ආශ්‍රිතව පවතින සීතාවක නිම්නයයි. සීතාවක රාජධානි ප්‍රදේශය සතුව විශාල ඓතිහාසික වැදගත්කමක් මෙන්ම පාරම්පරික සටන් කලා, පුරාවිද්‍යාත්මක ස්ථාන වැනි සංචාරක ආකර්ශනයක් සහිත ස්ථාන රාශියක් ද පවතිනවා.එම නිසා මේ වැදගත්කම පිළිබඳව කොළඹ සහ අනෙකුත් ප්‍රදේශවල ජනතාව තවදුරටත් දැනුවත් කිරීමත් ඉතාමත් වැදගත්. එවිට ඔවුන් තුල මේ ප්‍රදේශයේ නැරඹීම සඳහා වැඩි උනන්දුවක් ඇති කළ හැකියි. ප්‍රදේශීය තුළ දැනට පවතින සංචාරක කර්මාන්තය තුළින් අලුත් ආයෝජන ක්ෂේත්‍රයක් බිහිවී තිබෙනවා.

එම සංචාරක කර්මාන්තය වඩාත් ක්‍රමානුකූලව වර්ධනය කිරීම වෙනුවෙන් කැලණි මිටියාවතේ දුම්රිය මාර්ගය කේන්ද්‍ර කරගනිමින් නව ව්‍යාපෘතියක් එළඹෙන පහළොස් වැනිදා සිට ආරම්භ කිරීමට අප කටයුතු කරනවා. දැනට දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන ඇල්ල ඔඩෙසි, කැන්ඩි ඔඩෙසි වැනි සංචාරක දුම්රිය මේ වන විට සපුරා ගත නොහැකි ඉල්ලුමක් ඇති තත්ත්වයට වර්ධනය වී තිබෙනවා. එවැනිම ආකාරයේ සතිඅන්ත සංචාරක දුම්රිය සේවයක් සීතාවක ඔඩෙසි නමින් ආරම්භ කරනවා. කොළඹ සිට වග දක්වා එම දුම්රියෙන් පැමිණෙන මගීන්ට එතැන් සිට ලංගම හා පුද්ගලික ඒකාබද්ධ ප්‍රවාහන සේවයක් මගින් සංචාරක සේවය සැපයීමට කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?