සීක්‌ ජාතිකයින් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් ඉල්ලූ අම්රිට්පාල් සිං අත්අඩංගුවට

සීක්‌ ජාතිකයින් උදෙසා වෙනම රාජ්‍යයක් බිහිකරදෙන බවට දේශන පවත්වමින් ආයුධ සන්නද්ධ ආධාරකරුවන් පිරිවරාගෙන සන්නද්ධ අරගලයකට මුලපුරමින් සිටි අම්රිට්පාල් සිං අද (23) උදෑසන පන්ජාබයේ මොගා දිස්ත්‍රික්කයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

29 හැවිරිදි අම්රිට්පාල් සිං අද උදෑසන පොලිසියට බාරවීමෙන් අනතුරුවයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඒ සමගම විවිධ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන අසත්‍ය වාර්තාවලට හසු නොවී සාමය හා නීතිය කඩ නොවන අයුරින් සන්සුන්ව දෛනික කටයුතුවල නිරත වන ලෙස ද පංජාබ පොලිසිය සියලුම සීක් ජාතිකයින්ගෙන් ඉල්ලෙමක් ද සිදුකළා.

පකිස්ථාන ඒජන්තවරයෙකු සහ ත්‍රස්ත අනුගාමියෙකු වශයෙන් ඉන්දීය රජය හඳුන්වන අම්රිට්පාල් අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග කෙරුනේ පසුගිය මාර්තු මස 18 වනදායි.

කෙසේ වෙතත් ඔහු මේ දක්වා පොලිසිය මඟ හරිමින් සැඟව සිටියා.

ඇසෑම් ප්‍රාන්තයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයකට රැගෙන යාමට නියමිත අම්රිට්පාල්ට එරෙහිව ඉන්දීය ජාතික ආරක්ෂක පනත යටතේ නඩු පැවරෙනු ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?