තායිලන්තයේ රජු වජිරලොන්කොන් ලොව ධනවත්ම රජුය . ඔහුගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 30 – 70 ත් අතර වන බවට ඇස්තමේන්තු ගත කර තිබේ
හැත්තෑ හැවිරිදි රජුගේ ඇවෑමෙන් බලයට පත්වනු ඇතැයි වැඩිදෙනකු බලාපොරොත්තු වන බජ්රකි කියාභා කුමරිය ඇයගේ සුරතල් සුනඛයන් හා සිටියදී ඇද වැටී ඇත .
44 හැවිරිදි ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි ඇයගේ තත්ත්වය යම් තරමකට ස්ථාවර බව මාධ්‍යයෙන් දන්වා තිබුණද ඇතැමුන් පවසන්නේ තත්ත්වය බරපතළ බවය . ඇය හෘද රෝගී තත්ත්වයකින් පීඩා විඳින්නීය .
වජිරලොන්කොන් රජුගේ දරුවන් අතරින් රාජ්‍යත්වයට වඩාත් සුදුසුම තැනැත්තිය ඇය බව වැඩිදෙනකුගේ විශ්වාසයයි . 1924 දී රජකම හිමි වීම සම්බන්ධව සම්මත කරගත් නීතියට අනුව වැඩිමල් දියණියට රජකමට හිමිකම් කිව හැකිය .
රජුට බිරියන් තිදෙනකු සිටි අතර වැඩිමල් දියණිය ඛජ්රකිකියාභාට අමතරව පුතුන් පස් දෙනකු සහ එක් දියණියක සියි . කුමරිය සිය ශරීර සෞඛ්‍ය ගැන නිරන්තරවම විමසිලිමත් වූ අයෙකි ඇය සුදුසුකම් සපිරූ නීතිඥවර්යකක්ද වෙයි .
2012 වසරේ සිට 2014 දක්වා ඇය තායිලන්ත තානාපතිනිය ලෙසින් වියනාව නියෝජනය කළාය .




