සිසුවියන්ට අතවර කළ ඉංග්‍රීසි ගුරුවරයා අත්අඩංගුවට

කුරුණෑගල නගරයේ මිශ්‍ර පාසලක පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් එකොළොස් දෙනෙකු පමණ ලිංගික අතවරයකට ලක් කළ බව කියන එම පාසලේ ඉංග්‍රීසි විෂයය උගන්වන ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ගුරුවරයා පොතුහැර ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි දෙදරු පියෙකු වන අතර දෙමව්පියන් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීම හේතුවෙන් ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරු තම විෂය උගන්වන අවස්ථාවේදී පන්තියේ සිටින සිසුවියන්ට පමණක් විශේෂ සැලකිල්ලක් දක්වමින් සිසුවියන්ගේ ශරීරය ස්පර්ශ කරමින් ඔවුන් අතවරයට ලක් කර ඇති බවට චෝදනා එල්ලවී තිබෙනවා.

දිනපතා සිදු කරන මෙම අතවර සම්බන්ධයෙන් සිසුවියන් නිවසේදී තම දෙමාපියන්ට දැන්වීමෙන් පසුවයි ඔවුන් මේ සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර ඇත්තේ.

අතවරයකට ලක්ව සිටින සිසුවියන්ගේ දෙමාපියන් මේ පිළිබඳව එම පාසලේ විදුහල්පතිවරයාට ද පැමිණිලි කර තිබුණා.

එහෙත් ඔහු එම පැමිණිලි නොසලකා හැර කටයුතු කිරීම සම්බන්ධයෙන් කෝපයට පත් දෙමාපියන් පිරිසක් විදුහල්පතිවරයාට තර්ජනය කර රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව දෙමාපියන් පිරිසකට එරෙහිව ද පොලිසිය නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි සඳහන්.

මෙම ගුරුවරයාගෙන් අතවරයට ලක්ව සිටින තවත් සිසුවියන් සිටීනම් ඒ සම්බන්ධයෙන් පැමිණ පැමිණිලි කරන ලෙසටයි පොලිසිය දෙමාපියන්ට දන්වා ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?