සිසුන් 4කට පහර දුන් සිසුවෙකු ඇතුළු 4ක් අත්අඩංගුවට

මොරන්තුඩුව ප්‍රදේශයේ පාසලක සිසුන් 4 දෙනකුට එම විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේදී පහරදීමක් සම්බන්ධයෙන් තවත් සිසුවෙක් ඇතුළු 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පරහැදීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මොරන්තුඩුව පොලිසිය කළ විමර්ශනයකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විද්‍යාලයේ 11 වන වසරේ සිසුවෙක් සහ තවත් පිටස්තර තරුණයන් 3 දෙනෙක්.

පහරකෑමට ලක්වූ 13 වසරේ සිසුන් 4 දෙනෙකු අද දහවල් මොරන්තුඩුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පහරදීමට සම්බන්ධ සිසුවා හා අනෙක් තරුණයන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙපාර්ශ්වය අතර සිදුවූ බහින් බස් වීමකින් අනතුර මෙම පහරදීම සිදුකර ඇති බවටයි පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
7
+1
2
+1
0
+1
6
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?