සිසුන් 4කට පහර දුන් සිසුවෙකු ඇතුළු 4ක් අත්අඩංගුවට

මොරන්තුඩුව ප්‍රදේශයේ පාසලක සිසුන් 4 දෙනකුට එම විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේදී පහරදීමක් සම්බන්ධයෙන් තවත් සිසුවෙක් ඇතුළු 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පරහැදීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මොරන්තුඩුව පොලිසිය කළ විමර්ශනයකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විද්‍යාලයේ 11 වන වසරේ සිසුවෙක් සහ තවත් පිටස්තර තරුණයන් 3 දෙනෙක්.

පහරකෑමට ලක්වූ 13 වසරේ සිසුන් 4 දෙනෙකු අද දහවල් මොරන්තුඩුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පහරදීමට සම්බන්ධ සිසුවා හා අනෙක් තරුණයන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙපාර්ශ්වය අතර සිදුවූ බහින් බස් වීමකින් අනතුර මෙම පහරදීම සිදුකර ඇති බවටයි පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00
Video thumbnail
ජනපති අනුර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර තිබූ හමුව - පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කරයි
01:53
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ සැලෝන් එකක් වටලයි - පලු දානවනේ මෙහෙම වුණාම..ඔක්කොම Expiredනේ..
04:47
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක්
01:02
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න
01:49
Video thumbnail
මල්වතු මහනාහිමියෝ කිව්ව ප්‍රබල ප්‍රකාශය
01:48
Video thumbnail
නීතිඥ සංගමය විපක්ෂයට කඩේ යනවද ? විපක්ෂය කොරහේ කිඹුල්ලු දකින එක නවත්වන්න
06:07