සිසුන් 06ක් එක්ව පොදු වැසිකිළියේ සල්ලි පෙට්ටිය කොල්ල කාලා

පානදුර මුහුදු වෙරළේ පොදු වැසිකිළියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ල කෑ සිසුන් පිරිසක් පානදුර දකුණ පොලිසිය විසින් පෙරේදා (15) දිනයේ අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ මොරටුව ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි වියේ පසුවන සිසුන් 06 දෙනෙක් බවයි වාර්තා වුණේ.

මොවුන් පිරිස ඊයේ (16) දිනයේ පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් කිරීමෙන් පසු නිදහස් කෙරුණු අතර, මෙම නඩුව 2025 වසරේ පෙබරවරි 25 වනදා යළි කැඳවීමට නියෝග කර තිබෙනවා.

සැකකාර සිසුන් හයදෙනා පානදුර වෙරළ තීරයේ ඇති පොදු වැසිකිළියේ සේවයේ සිටි සේවකයා බිය ගන්වා එහි තිබූ මුදල් පෙට්ටිය කොල්ල කා පලාගොස් තිබුණා.

එම අවස්ථාවේ දී සේවකයා උදව් ඉල්ලා කෑගසා ඇති අතර, එහිදී අවට සිටි පිරිස් එක්ව සැකකාර සිසුන් පිරිස අල්ලාගෙන පොලිසියට භාරදී ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් සන්තකයේ තිබී කොල්ලකෑ මුදල් භාජනය ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

ඉන් අනතුරුවයි පොලිසිය සැකකාර සිසුන්ව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34