AFC Banner
Empty Ad
Empty Ad

සිසුන්ගේ පොත් බෑගයේ බර අඩු කරන්න යයි

පාසල් පොත් බෑගයේ බර වැඩවීම නිසා පාසල් සිසුන්ගේ කොඳු ඇට පෙළේ ආබාධ වැනි විවිධ ශාරීරික අපහසුතා ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව, සිසුන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශ අවධානය යොමු වී ඇති අතර එහි පියවරක් වශයෙන් තෝරා ගත් පෙළපොත් කාණ්ඩ වශයෙන් මුද්‍රණය කිරීමට මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව සඳහන්.

තවද සිසුන්ගේ පොත්බෑගේ බර අඩු කිරීම සඳහා විකල්පයක් ලෙස සිසුන් සඳහා සකස් කර ඇති වැඩ පොත් හැරුණු විට අනෙකුත් පෙළපොත් පාසලට ගෙන ඒම අවම කිරීමට විදුහල්පතිගේ සෘජු අධීක්ෂණය යටතේ ගත යුතු පියවර දන්වමින් අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

image
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?