සිව් හැවිරිදි දරුවෙකුට දිවි අහිමි කළ ලොරි රථ රියදුරු

පාදුක්ක – කොළඹ මාර්ගයේ ලියන්වල හන්දිය ආසන්නයේ දී ලොරි රථයක්, ධාවනය වෙමින් තිබූ සිව් දෙනෙකු ගමන් ගත් යතුරුපැදියක පිටුපස ගැටීමෙන් ඊයේ (27) දින සවස සිදු වූ අනතුරකින් යතුරුපැදියෙහි පිටුපස ගමන් ගත් සිව්හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් අනෙක් තිදෙනා සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වගපින්නවල ප්‍රදේශයේ පදිංචිව සිටි පෙර පාසල් දරුවෙක්.

අනතුරට ලක් වූ යතුරුපැදියෙහි කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දරුවන් දෙදෙනෙකු සමඟින් හෝමගම ගොඩගම ප්‍රදේශයේ පෙර පාසලක සිට පාදුක්ක දෙසට යතුරුපැදියෙහි ගමන් කරමින් තිබියදී එම දෙසටම ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවට පොලිසිය පවසනවා.

ඒ අනුව අනතුර කළ බවට සැක කරන ලොරි රථය සහ එහි රියදුරු සැකපිට අත්අඩංගුවට ගත් බව ද වාර්තාවනවා.

මියගිය දරුවා සහ ඔහුගේ මව තම මිතුරියකට අයත් යතුරුපැදියක ඇයගේ සිව් හැවිරිදි දරුවා ද සමග ගමන් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අනතුරින් පසු මියගිය දරුවා පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කර මූලික ප්‍රතිකාර සිදු කිරීමෙන් පසු රෝහල් ගිලන් රථයෙන් කළුබෝවිල දකුණු කොළඹ මහ රෝහලට ගෙන ගොස් ඇති අතර එහිදී මිය ගොස් ඇති බවයි පැවසෙන්නේ.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
1
+1
27
+1
5
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34