Empty Ad
AFC Banner
Empty Ad

සිව් හැවිරිදි දරුවෙකුට දිවි අහිමි කළ ලොරි රථ රියදුරු

පාදුක්ක – කොළඹ මාර්ගයේ ලියන්වල හන්දිය ආසන්නයේ දී ලොරි රථයක්, ධාවනය වෙමින් තිබූ සිව් දෙනෙකු ගමන් ගත් යතුරුපැදියක පිටුපස ගැටීමෙන් ඊයේ (27) දින සවස සිදු වූ අනතුරකින් යතුරුපැදියෙහි පිටුපස ගමන් ගත් සිව්හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් අනෙක් තිදෙනා සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වගපින්නවල ප්‍රදේශයේ පදිංචිව සිටි පෙර පාසල් දරුවෙක්.

අනතුරට ලක් වූ යතුරුපැදියෙහි කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දරුවන් දෙදෙනෙකු සමඟින් හෝමගම ගොඩගම ප්‍රදේශයේ පෙර පාසලක සිට පාදුක්ක දෙසට යතුරුපැදියෙහි ගමන් කරමින් තිබියදී එම දෙසටම ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවට පොලිසිය පවසනවා.

ඒ අනුව අනතුර කළ බවට සැක කරන ලොරි රථය සහ එහි රියදුරු සැකපිට අත්අඩංගුවට ගත් බව ද වාර්තාවනවා.

මියගිය දරුවා සහ ඔහුගේ මව තම මිතුරියකට අයත් යතුරුපැදියක ඇයගේ සිව් හැවිරිදි දරුවා ද සමග ගමන් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති අතර අනතුරින් පසු මියගිය දරුවා පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කර මූලික ප්‍රතිකාර සිදු කිරීමෙන් පසු රෝහල් ගිලන් රථයෙන් කළුබෝවිල දකුණු කොළඹ මහ රෝහලට ගෙන ගොස් ඇති අතර එහිදී මිය ගොස් ඇති බවයි පැවසෙන්නේ.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
1
+1
27
+1
5
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර ඇතුළේ ඉද්දී පක්ෂයේ ප්‍රබලයෝ රැස්වෙයි - චාමර බලන්න යන අයට වෙන දේ මෙන්න
18:45
Video thumbnail
ලොකු ආරක්ෂාවක් එක්ක ජනපති අනුර ගැම්මෙන් බුත්තලට ආපු හැටි කොහොමද ?
02:44
Video thumbnail
ජනාධිපති අධිකරණයට බලපෑම් කරනවා ? ගම්මන්පිල අදත් හෙළිදරව්වක් කරයි
07:21
Video thumbnail
අපි හාල් ගේන්නේ නෑ කියලා හිතුවේ - ඒත් අපිට හාල් රටින් ගේන්න වෙනවා
03:54
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:51:09
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31

?