සිව්හැවිරිදි දැරියට දස වද දුන් දොස්තර යුවළක් පොලිස් දැලේ

මීට වසර තුන හමාරකට පෙර හදාවඩා ගැනීමට ගත් දැරියකට අමානුෂික ලෙස වද හිංසා සිදුකළ වෛද්‍ය යුවළක් ගුවහාටිහිදී ඉන්දීය පොලිසිය විසින් පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මෙම වෛද්‍ය යුවළ පදිංචිව සිටි නිවස ආසන්නේ ජීවත් වූ අසල්වැසියෙක් සිදුකර ලද පැමිණිල්ලකට අනුවයි සැකකාර යුවළ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ වනවිට සිව්හැවිරිදි වියේ පසුවන දැරියකට මොවුන් විසින් මෙලෙස දිගින් දිගටම වධ හිංසා පමුණුවා ඇති බව අනාවරණය වී තිබෙනවා.

එලෙස වධ හිංසා සිදුකළ දැරිය නිවසේ උඩු මහලේ කණුවක බැඳ තිබූ අවස්ථාවක අසල්වැසිය විසින් ඡායාරූපයක් ලබාගෙන එයද පොලිසිය වෙත ඉදිරිපත් කරමින් මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අනතුරුව සැකකාර වෛද්‍ය යුවළ අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙලෙස අත්අඩංගුවට පත් වෛද්‍යවරයා ශල්‍ය වෛද්‍යවරයකු වන අතර වෛද්‍යවරිය මනෝ වෛද්‍යවරියක් බවයි වාර්තා වන්නේ.

කලක සිට ඔවුන් දෙදෙනා විසින් මෙලෙස හදාවඩා ගැනීමට ගත් දැරියට වධ හිංසා සිදුකර ඇති අතර, ඊට ඔවුන්ගේ නිවසේ මෙහෙකාරිය ද සහාය වී ඇති බවයි හෙළිව ඇත්තේ.

පොලිසිය විසින් ප්‍රශ්න කිරීමේ දී වෛද්‍යවරයා පාපොච්චාරණය කර ඇත්තේ තමන් දැරියට යකඩ පොල්ලකින් පහරදී ඇගේ සිරුරට උණුවතුර වත් කළ බවයි.

අකීකරු සහ නපුරු වීම නිසා දැරියට දඬුවම් කිරීම සඳහා ඇයව නිවසේ උඩු මහලේ ගැට ගසන ලෙස වෛද්‍ය යුවළ තමාගෙන් ඉල්ලා සිටි බවට නිවසේ මෙහෙකාරිය ද පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

සැකකාර වෛද්‍ය යුවළට මීට පෙර ද දැරිය අපයෝජනයට ලක් කරන බවට පැමිණිලි ලැබී තිබුණ ද නිසි සාක්ෂියක් ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට හැකිව නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
23
+1
4
+1
7
+1
60
+1
11
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28
Video thumbnail
ආණ්ඩුවට වැටෙනකම් විපක්ෂය බලාගෙන ඉන්නවා
08:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෝ දැන් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුලේ
03:12
Video thumbnail
උත්සව සමයේ විශේෂ බස් රථ සේවාවක්
04:18
Video thumbnail
ආපදාවට ලක් වූ ස්ථාන බලන්න යන්න එපා
02:37


?