සිව්හැවිරිදි දැරියට දස වද දුන් දොස්තර යුවළක් පොලිස් දැලේ

මීට වසර තුන හමාරකට පෙර හදාවඩා ගැනීමට ගත් දැරියකට අමානුෂික ලෙස වද හිංසා සිදුකළ වෛද්‍ය යුවළක් ගුවහාටිහිදී ඉන්දීය පොලිසිය විසින් පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මෙම වෛද්‍ය යුවළ පදිංචිව සිටි නිවස ආසන්නේ ජීවත් වූ අසල්වැසියෙක් සිදුකර ලද පැමිණිල්ලකට අනුවයි සැකකාර යුවළ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ වනවිට සිව්හැවිරිදි වියේ පසුවන දැරියකට මොවුන් විසින් මෙලෙස දිගින් දිගටම වධ හිංසා පමුණුවා ඇති බව අනාවරණය වී තිබෙනවා.

එලෙස වධ හිංසා සිදුකළ දැරිය නිවසේ උඩු මහලේ කණුවක බැඳ තිබූ අවස්ථාවක අසල්වැසිය විසින් ඡායාරූපයක් ලබාගෙන එයද පොලිසිය වෙත ඉදිරිපත් කරමින් මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

අනතුරුව සැකකාර වෛද්‍ය යුවළ අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙලෙස අත්අඩංගුවට පත් වෛද්‍යවරයා ශල්‍ය වෛද්‍යවරයකු වන අතර වෛද්‍යවරිය මනෝ වෛද්‍යවරියක් බවයි වාර්තා වන්නේ.

කලක සිට ඔවුන් දෙදෙනා විසින් මෙලෙස හදාවඩා ගැනීමට ගත් දැරියට වධ හිංසා සිදුකර ඇති අතර, ඊට ඔවුන්ගේ නිවසේ මෙහෙකාරිය ද සහාය වී ඇති බවයි හෙළිව ඇත්තේ.

පොලිසිය විසින් ප්‍රශ්න කිරීමේ දී වෛද්‍යවරයා පාපොච්චාරණය කර ඇත්තේ තමන් දැරියට යකඩ පොල්ලකින් පහරදී ඇගේ සිරුරට උණුවතුර වත් කළ බවයි.

අකීකරු සහ නපුරු වීම නිසා දැරියට දඬුවම් කිරීම සඳහා ඇයව නිවසේ උඩු මහලේ ගැට ගසන ලෙස වෛද්‍ය යුවළ තමාගෙන් ඉල්ලා සිටි බවට නිවසේ මෙහෙකාරිය ද පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

සැකකාර වෛද්‍ය යුවළට මීට පෙර ද දැරිය අපයෝජනයට ලක් කරන බවට පැමිණිලි ලැබී තිබුණ ද නිසි සාක්ෂියක් ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට හැකිව නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
23
+1
4
+1
7
+1
60
+1
11
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03
Video thumbnail
දුමින්ද, විජයපාල ඇතුළු SLFP කාන්තා පෙරමුණ සංවිධානය කල පිංකම් මාලාව
02:55
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53
Video thumbnail
"ඊළඟ ජනාධිපතිතුමා තමයි මේ ඉන්නේ"..කැළණියට ගිය දිලිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
01:05
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය, අටමස්ථානාධිපති ධුර‍ය තවකාලිකව ගලවයි..
01:05
Video thumbnail
සම්බුදු තෙමඟුල සිහිකරමින් තොටලඟ වර්ණවත් කරන්න සූදානම් වෙන තොරණ් රාජයා
01:29
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08