යල කන්නයේ නෙලාගත් අස්වැන්නේ අග්‍ර කොටස ශ්‍රී දළඳා සමිඳු වෙත පූජා කිරීමේ අරමුණින් සිදු කරනු ලබන ‘සිරි දළඳා යල් අස්වනු පූජාව’ අද පෙරවරුවේ දී සිදු කෙරුණා.
ඒ මහනුවර ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ දී මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී මේධංකර ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි යි.
ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය, වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය ඇතුළු අංශ කිහිපයක් එක් ව මෙය සංවිධානය කර තිබුණා.
මෙම යල් අස්වනු පූජාව පැවැත්වූයේ මෙවර 08 වෙනි වරට යි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1















