සිරිලාල් කොඩිකාර දිවිසැරිය නිමකරයි

මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියා වූ  සිරිලාල් කොඩිකාර මහතා අද ( 19) උදැසන අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඔහු 94 වැනි වියෙහි පසු විය.

1948 දී ආරම්භ වූ සිංහල ජාතිය පුවත්පතෙන් පත්‍ර කලාවට පිවිසුනු සිරිලාල් කොඩිකාර මහතා දවස පුවත්පතේ ද සේවය කළ අතර ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේ නොමැකෙන සටහන් තැබූ ඇත්ත පුවත්පතේ විශේෂාංග සංස්කාරක වරයා ලෙස කටයුතු කළේය.

පුවත් පත් කලාවේදියකු මෙන්ම ගත් කතුවරයකුද වූ කොඩිකාර මහතා ලෙයින් ලියූ කවි, ටයර් සෑය, දියවැලක් ඔස්සේ, මගේ සාක්කිය, කැලිස්ටාගේ සවාරිය, කනේරු මල්, මා දුටු කෝසල සිහින යන කෘති රචනා කළේය.

සිරිලාල් කොඩිකාර මහතා ජනතාව අතර වඩිත් ජනප්‍රිය වූයේ රංචා ගොඩ ළමයා ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !