AFC Banner
AFC Banner
Empty Ad

සිරාජ් ආරම්භයේදීම ශ්‍රී ලංකා ඉනිම වනසයි

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකා පිළ මේ වනවිට අසීරු තත්ත්වයකට පවත්ව සිටින්නේ ශ්‍රී ලංකා ඉනිමේ මුල්පෙළ කඩුලු 06ක් ම පන්දුවාර හයක් තුළ දැවීයාමත් සමඟයි.

මෙහිදී ශ්‍රී ලංකා ඉනිමේ හතරවන පන්දුවාරය යැවූ මොහොමඩ් සිරාජ් කඩුලු 04ක් බිඳ දැමීමට සමත් වුණා.

ඒ, අනුව පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, චරිත් අසලංක සහ ධනංජය ද සිල්වාගේ කඩුලු මොහොමඩ් සිරාජ් විසින් එම ඕවරය තුළ දවාගත්තා.

ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙස කුසල් පෙරේරා පළමු පන්දුවාරයේදීම දවා ගන්නට ජස්ප්‍රිත් බුම්රාට හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකා ඉනිමේ හයවන පන්දුවාරයේ දී නායක දසුන් ශානක ද ලකුණු ලබාගන්නට පෙර දවාගන්නට වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
10
+1
6
+1
0
+1
1
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?