සිරාජ් ආරම්භයේදීම ශ්‍රී ලංකා ඉනිම වනසයි

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකා පිළ මේ වනවිට අසීරු තත්ත්වයකට පවත්ව සිටින්නේ ශ්‍රී ලංකා ඉනිමේ මුල්පෙළ කඩුලු 06ක් ම පන්දුවාර හයක් තුළ දැවීයාමත් සමඟයි.

මෙහිදී ශ්‍රී ලංකා ඉනිමේ හතරවන පන්දුවාරය යැවූ මොහොමඩ් සිරාජ් කඩුලු 04ක් බිඳ දැමීමට සමත් වුණා.

ඒ, අනුව පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, චරිත් අසලංක සහ ධනංජය ද සිල්වාගේ කඩුලු මොහොමඩ් සිරාජ් විසින් එම ඕවරය තුළ දවාගත්තා.

ශ්‍රී ලංකා පළමු කඩුල්ල ලෙස කුසල් පෙරේරා පළමු පන්දුවාරයේදීම දවා ගන්නට ජස්ප්‍රිත් බුම්රාට හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකා ඉනිමේ හයවන පන්දුවාරයේ දී නායක දසුන් ශානක ද ලකුණු ලබාගන්නට පෙර දවාගන්නට වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43