සියලු දෙනා පුදුමයට පත්කරමින් අවුරුදු 70දී පළමු දරුවා බිහිකළ රබාරි

ඉන්දියාවේ ගුජරාට් ප‍්‍රාන්තයේ 70 හැවිරිදි කාන්තාවක් නිරෝගී පිරිමි දරුවකු බිහිකර තිබෙනවා. මේ ඇගේ පළමු දරුවා වන අතර ඇගේ සැමියා 75 හැවිරිදි වියේ පසුවනවා.

ජීවුන්බෙන් රබාරි නම් මේ කාන්තාව විවාහ වී ඇත්තේ මීට වසර 45 කට පෙරයි.

රබාරි හා ඇගේ සැමියා වන මල්ධාරි ගුජරාටයේ මෝරා ගම්මානයේ ජීවත් වන අතර මෙය නළදරු උපතක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ යුවළගේ වෛද්‍යවරයා වන තුරේෂ් බානුෂාල් පවසන්නේ මෙය ඉතාම කලාතුරකින් සිදුවූ දරු උපතක් බවයි.

” මිට වසර එකහාමාරකට පමණ පෙර මෙම යුවල මාගේ සායනයට පැමිණි අවස්ථාවේදී මම පුදුමයට පත්වුණා. මම කිව්වා ඔවුන්ට දරුවන් ලැබීමේ අදහස අත්හැර ගන්න කියලා. නමුත් ඔවුන් තීරණය වෙනස් කලේ නැහැ. අපි ඉතා සංකීර්ණ ක්‍රමයක් තුලින් මේ ක්‍රියාවලිය සිදුකලේ. සියලු දෙනා පුදුමයට පත්කරමින් එය සාර්ථක වීම සතුටුයි” වෛද්‍ය තුරේෂ් බානුෂාල් වැඩිදුරටත් කියා සිටියා.

එම යුවල විසින් මෙම දරුවට “Lalo” යනුවෙන් නම් තබා තිබෙනවා. මිට පෙර ඇය අවස්ථා රැසකදී උත්සහ ගනු ලැබුවත් ගැබ් ගැනීමකට ලක් නොවූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ වන විට දරුවන් බිහිකළ ලොව වයස්ගතම කාන්තාව ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියනු ලබන්නේ ස්පාඤ්ඤයේ Maria del Carmen Bousada Laraය. ඇයට වයස අවුරුදු 66 දින 358ක් ව තිබියදී නිවුන් දරු උපතක් සිදුකරනු ලැබූවා. කෙසේ වුවත් ජීවුන්බෙන් රබාරි ගිනස් වාර්තාවට ඉල්ලුම් කරයිද යන්න ගැටළු සහගත බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ ඇයගේ උපන් දිනය නිල වශයෙන් තහවුරු කිරීමට අවශ්‍ය ලියැවිලි ඇය සතුව නොමැතිවීම නිසාවෙන්.

No description available.
No description available.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
101
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඔබ ගො# රජෙකි හුන්ඩුවේ" කාන්තාවන්ගෙන් සැර කවියක්..පච කෙ#න ආණ්ඩුව ගැහැණු එක දිගට රැවැට්ටුවා
08:12
Video thumbnail
ඉරාන නෞකාවට එල්ල කළ ප්‍ර#රය බරපතළයි..අමෙරිකාව අන්තර්ජාතික නීති සියල්ල කඩ කළා
06:05
Video thumbnail
හසාරාගේ ප්‍රකාශයක් නිසා අජිත් නැගිටලා හොඳටම දෙසයි..ඔයා මනුෂ්‍ය ජීවිත අවතක්සේරු කළේ
04:45
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 05.03.2026
08:15:39
Video thumbnail
මිනිස්සු කුලප්පු කරන්න එපා..අපි නිවටයෝ නෙවෙයි..මිහින්තලේ හිමිගෙන් සැර සත්තමක්..
06:39
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..හිටපු ජනපතිලා කැඳවන්න
00:31
Video thumbnail
තිස්ස කුට්ටි වැඳලා ජනපතිගෙන් ඉල්ලූ දේ..ඉක්මනින් හිටපු ජනපතිලා කැඳවන්න..රටේ තත්ත්වය භයානකයි..
05:57
Video thumbnail
වරාය බලධාරින්ට ත#ජනය කරලා ?විමල්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්.. නැව වරායට ගත්තොත් ප්‍ර#රයක්?
05:54
Video thumbnail
මිහින්තලේ හිමි ආණ්ඩුවට ගැමි උපකරණ ගැන Review එකක් දෙයි.."මෙන්න හුන්ඩුව..තවමත් හුන්ඩු මානසිකත්වයේනේ"
03:51
Video thumbnail
හුන්ඩුව නිසා විමල්ට නහුතෙටම තදවෙයි..විපක්ෂයේ ගොබිලයොන්ට මේක තේරෙන්නේ නෑ
05:09