සියලුම නේටෝ රටවල් රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නැවැත්වූ විට තමන් රුසියාවට එරෙහිව ප්‍රධාන සම්බාධක පැනවීමට සූදානම් බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
එමෙන්ම යුක්‍රේන – රුසියා යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවට ප්‍රධාන සම්බාධක පනවන ලෙස ඉල්ලා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නේටෝ ජාතීන්ට බලපෑම් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට කිසිදු ප්‍රගතියක් ලබා නොගතහොත් මොස්කව් වෙත සම්බාධක පනවන බවට සහ ඉන්ධන මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරුවන් වන චීනය සහ ඉන්දියාව වැනි රටවලට ද්විතීයික සම්බාධක පනවන බවට ට්‍රම්ප් විසින් මීට පෙර ද අනතුරු ඇඟවීමක් සිදුකළා.
කෙසේ වෙතත් ක්‍රෙම්ලිනය ට්‍රම්ප්ගේ නියමිත කාලසීමාවන් සහ සම්බාධක තර්ජන නොසලකා හරින අතර, විට මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට ට්‍රම්ප් අපොහොසත් වී තිබෙනවා.





